ඔස්ට්‍රේලියානු රජයට $ මිලියන 20 ක වන්දි ගෙවන ලෙස මෙටා සමාගමට අධිකරණ නියෝග

පරිශීලකයන් නිසි ලෙස දැනුවත් නොකිරීමේ චෝදනාවකට අදාළව ඔස්ට්‍රේලියානු රජයට ඩොලර් මිලියන 20 ක වන්දි මුදලක් ගෙවන ලෙස ෆේස්බුක් හිමිකාරීත්වය සහිත මෙටා සමාගමට ෆෙඩරල් අධිකරණයක් විසින් නියෝග කර තිබෙනවා.

ඒ ඔවුන් විසින් ප්‍රවර්ධනය කරන ලද ඇප්ලිකේෂනයක් මගින් පුද්ගලික දත්ත එක්රැස් කිරීමක් සිදුවන බවට පරිශීලකයන් වෙත පූර්ව දැනුම්දීමි නොකිරීම හේතුවෙනුයි.

ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම විසින් පවරන ලද නඩුවක තීන්දුවක් ප්‍රකාශයට පත් කරමිනුයි ෆෙඩරල් අධිකරණයක් විසින් මෙම නියෝගය ලබාදුන්නේ.

අදාළ ඇප්ලිකේෂනය 2016 – 2017 කාලසීමාවේදී අවස්ථා 271,000 කට වැඩි වාර ගණනක් බාගත (download) කර ඇති බව සඳහන්.

මෙම නඩුවට අදාළව මෙටා සමාගමට පැණවීමට තිබූ උපරිම දඩය ඩොලර් බිලියන 145 කට අධික බවටයි තක්සේරු කර තිබුණේ.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »