හුදකලා කළ ප්රදේශ කිහිපයක ආහාර අර්බුදයක්!
ශ්රී ලංකාවේ හුදකලා කර ඇති ප්රදේශවල පිහිටි මහල් නිවාස සංකීර්ණ වල ජීවත්වන ජනතාව ඊයේ මෙන්ම අද දිනයේදීත් තමන්ට ආහාර පාන සපයා ගැනීමට මුදල් නොමැති බව දන්වමින් උද්ගෝෂණයක නිරත වුණා.
ඒ අනුව බ්ලුමැන්ඩල් ජය මග සෙවන සහ මෝදර රන්දිය උයන නිවාස සංකීර්ණයේ ජනතාවද මෙලෙස උද්ගෝෂණයක නිරත විය. මෙම තත්වය සමතය කිරීමට පොලීසියද මැදිහත් විය.
එමෙන්ම මේ ගැටලුව සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී මනෝ ගනේෂන් මහතා ඊයේ පර්ලිමන්තුවේ අවධානයට යොමු කල අවස්ථාවේ එහි නොසන්සුන්කාරී තත්වයක් හට ගත්තා.