වික්ටෝරියා අනිවාර්ය කොවිඩ් එන්නත්කරණයට එරෙහි පැමිණිලි විභාගය මන්දගාමී බවට චෝදනා

වික්ටෝරියා ප්‍රාන්තය විසින් පණවන ලද අනිවාර්ය කොවිඩ් එන්නත්කරණයට අදාළව ගොණුකල පැමිණිලිවලින් විභාග කිරීම ආරම්භ කර ඇත්තේ සියයට 15 ක් වැනි සුලු ප්‍රමාණයක් පමණක් බව අනාවරණය වී තිබෙනවා.

වික්ටෝරියා මානව හිමිකම් කොමිසමට පමණක් පැමිණිලි 400 කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇති බවයි පැවසෙන්නේ.

මින් බහුතරයක් සේවා ස්ථාන විසින් සේවකයන්ට පැණවු අනිවාර්ය එන්නත්කරණ අවශ්‍යතාවලට එරෙහි පැමිණිලි බව සඳහන්.

කොවිඩ් වසංගතය දරුණුම මට්ටමේ පැවති 2021 වසරේ ඔක්තෝබර් මාසයේදී වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් අනිවාර්ය එන්නත්කරණ අවශ්‍යතාවයක් පණවනු ලැබුවා.

ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් සඳහන් කලේ වික්ටෝරියානුවන් වසංගතයෙන් බේරා ගැනීම පමණක් එහි අරමුණ වූ බවයි.

කෙසේවෙතත් එන්නත්කරණයට ලක් නොවූ ඇතැම් සේවකයන් සේවයෙන් ඉවත් කිරීම් මෙන්ම සේවයට වාර්තා කිරීමට ඉඩ නොදීමේ සිදුවීම්ද මේ අතර වාර්තා වුණා.

අනවසර සංක්‍රමණික නව නීති සම්මතයි – නැවතත් අත්අඩංගුවට ගෙන වසර 03 ක් රඳවා ගැනීමට බලතල

අනවසර සංක්‍රමණිකයන් සම්බන්ධ නව නීති ෆෙඩරල් පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින්ද සම්මත කරගෙන තිබෙනවා.

Read More »

දකුණු ඔස්ට්‍රේලියා ගිලන් රථ තුළ රෝගීන් වැඩිම වේලාවක් ගත කල මාසය නොවැම්බර්

මෑතකාලීනව දකුණු ඔස්ට්‍රේලියාවේ ගිලන් රථ තුළ රෝගීන් වැඩිම වේලාවක් ගත කල මාසය බවට පසුගිය මාසය පත්වී තිබෙනවා.

Read More »

රාජ්‍ය සේවය දේශපාලනීකරණය කල බවට වික්ටෝරියා හිටපු අගමැතිට චෝදනා

වික්ටෝරියා හිටපු අගමැති ඩැනියල් ඇන්ඩෲස් ගේ පාලනය යටතේ රාජ්‍ය සේවය දැඩි දේශපාලනීකරණයට ලක්ව තිබූ බවට ප්‍රාන්ත ඔම්බුඩ්ස්මන්වරයා විසින් චෝදනා කර තිබෙනවා.

Read More »

සාමාන්‍ය ලිපි බෙදීම දින 02 කට වරක් පමණක් කිරීමට Australia Post තීරණයක්

මූල්‍ය පාඩු අවම කර ගැනීම සඳහා සාමාන්‍ය ලිපි බෙදා හැරීම දිනපතා සිදු නොකර සෑම දින 02 කට වරක් පමණක් සිදුකිරීමට Australia Post තීරණය කර තිබෙනවා.

Read More »