
Coles සහ ක්වන්ටාස් පාරිභෝගිකයන් ඉලක්ක කරගත් නව වංචාවක් සම්බන්ධයෙන් පාරිභෝගික කොමිසම අනතුරු අගවනවා.
Loyalty වැඩසටහන්වලට අදාළව මෙම වංචාව සිදු කෙරෙන අතර පසුගිය මාස 04 දී පමණක් මීට අදාළව ලැබී තිබූ පැමිණිලි සංඛ්‍යාව 209 ක්.
විවිධ වරප්‍රසාද සහ දීමනා ලබාදෙන බව පවසා ව්‍යාජ වෙබ් අඩවි වෙත පාරිභෝගිකයන් යොමු කර පුද්ගලික දත්ත සොරා ගැනීමයි මෙහිදී සිදුවන්නේ.

Scam ඝණයට යටත්වන වංචා ඔස්ට්‍රේලියාව තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවත් සෑම පුද්ගලයන් 10 දෙනෙකුගෙන් 09 දෙනෙකුම පසුගිය මාස 12 තුළදී අවම වශයෙන් එක් අවස්ථාවකදී හෝ වංචාවකට හසුවී ඇති බවත් සඳහන්.
මේ අතර K-mart සහ Target යන සුපිරි වෙළඳසැල් ජාල 02 ඒකාබද්ධ කිරීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

ඩොලර් බිලියන 10 කට ආසන්න වටිනාකමකින් යුත් මෙම ගණුදෙනුව හරහා සිය පාරිභෝගිකයන්ට තවත් පහසු වනු ඇති බවයි ඔවුන් නිවේදනය කර සිටින්නේ.