ඔස්ට්‍රේලියානු පරිශීලකයන් සඳහා Spotify මාසික ගාස්තු ඉහළට

ඔස්ට්‍රේලියානු පරිශීලකයන් සඳහා මාසික ගාස්තු ඉහළ නැංවීමට ජනප්‍රිය streaming සංගීත සේවාවක් වන Spotify තීරණය කර තිබෙනවා.

ඒ අනුව ලබන සැප්තැම්බර් මාසයේ සිට premium පැකේජයේ මාසික ගාස්තුව ඩොලර් 13 ක් දක්වා ඉහළ යනු ඇති.

වෙනත් streaming සේවාවන් කිහිපයක් ද දැනට වසරක පමණ කාලයක සිට ඔස්ට්‍රේලියානු ග්‍රාහකයන් සඳහා වන සිය ගාස්තු ඉහළ දමනු ලැබුවා.

වසර ආරම්භයේදී සිදුකල සමීක්ෂණයකදී අනාවරණය වී තිබුණේ සාමාන්‍ය ඔස්ට්‍රේලියානුවෙකු streaming සේවා 3-4 ත් අතර සංඛ්‍යාවක් පරිහරණය කරන බවයි.

ඒ අනුව වසරකට ඔවුන් ඒ සඳහා වැය කරන මුදල ඩොලර් 200 ත් 1,700 ත් අතර වන බව සඳහන්.

STREAMING PRICE RISES
Standard plans
Spotify Premium – up from $11.99 to $12.99 a month
Netflix – up from $15.99 to $16.99 a month
Disney+ – up from $11.99 to $13.99 a month
*Stan – up from $14 to $16 a month
Amazon Prime – up from $6.99 to $9.99 a month
Kayo Sports – up from $27.50 to $30 a month
Binge – up from $14 to $16 a month
Amazon Prime – $6.99 to $9.99 a month
YouTube Premium – $14.99 a month

මගියෙකුට මරු කැඳවූ අනතුරින් පසු සිංගප්පූරු ගුවන් සේවයේ වෙනසක්

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් පසුගියදා මුහුණ දුන් ත්‍රාසජනක ගුවන් කැළඹීම හේතුවෙන් සමාගමේ ගුවන් ගමන් ක්‍රමවේද කිහිපයක් යාවත්කාලීන කර තිබෙනවා.

Read More »

මෙල්බන් වෙත පැමිණි විදේශිකයාගේ ගමන් මල්ලෙන් මිලියන ගණනක මත්ද්‍රව්‍ය මතුවෙයි

මෙල්බර්න් වෙත පැමිණි ගුවන් යානයක සිටි මගියෙකුගේ ගමන් මල්ලක තිබී ඩොලර් මිලියන 1.3ක කොකේන් තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් පොලිස් නිලධාරියා අනතුරට ලක් කර පළාගිය සැකකරු ඇල්ලූ හැටි

සොරකම් කළ මෝටර් රථයකින් මෙල්බන්හිදී පොලිස් නිලධාරියෙකු අනතුරට ලක් කර පළා යාමේ සිද්ධියට සම්බන්ධ සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »