විවාහක මිහිතල රැජින කිරුල ලංකාවේ සශ්මි ට

පරිසරය කේන්ද්‍ර කරගනිමින් පිලිපීනයේ මැනිලා නුවර පැවැති ‘‘ලෝක විවාහක මිහිතල රැජින‘‘ Mrs Earth international – 2023) කිරුළ හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ සශ්මි දිසානායක සමත් වූවාය.

ඇය මෙම කිරුළට අමතරව එහි පැවැති අනෙකුත් අනුතරග සියල්ලේ කිරුළු තමන් සතු කරගැනීමට සමත්වීම  විශේෂත්වයකි.

එවැන්නක් සිදු කළ ශ්‍රී ලංකා පළමු රූ රැජින ලෙස ඇය වාර්තා පොතට  එක්වන්නීය.

මෙහිදී ඇය Mrs Earth best in catwalk”Overall best in Gown, Overall Best in Resort wear, Best in Talent යන අනු තරග සියල්ලේම කිරුළු හිමිකර ගැනීමට සමත් වූවාය.

පිලිපීනයේ මැනිලා නුවර  Bay Area Paranaque නගරයේ පැවැති මෙම ‘‘ Mrs.Earth international – 2023‘‘ තරගාවලිය සඳහා පිලිපිනය, ජපානය, ඇමෙරිකාව, තායිලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සිංගප්පූරුව,නයිජීරියාව ඇතුළු රටවල් ගණනාවක රුවැත්තියන් රැසක් තරග වැදුණි.

කොළඹ ගේට්වේ ජාත්‍යාන්තර විදුහලේ අධ්‍යාපනය ලැබූ සශ්මිගේ මෙම තරගාවලිය සඳහා ජාතික පුහුණුකරු ලෙස රුක්මල් සේනානායක, ජාතික අධ්‍යක්ෂ ලෙස චරිත් ගුණසේකර කටයුතු කළහ.

ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු පවුල් ඒකක වලින් 79% ක් දැඩී මුල්‍ය ආතතියට

අධික ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු ගෘහස්ත පවුල් ඒකක වලින් සියයට 79ක් දැඩී මුල්‍යමය ආතතියකට පත්ව ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

උත්සව සමයට සමගාමීව ඔස්ට්‍රේලියානුවන් සයිබර් අපරාධවලට ගොදුරුවීමේ ඉහළයාමක්

උත්සව සමයට සමගාමීව අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ හා සේවා මිලදී ගන්නා සෑම ඔස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙක් සයිබර් අපරාධ වලට ගොදුරුවන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් නව ක්‍රිකට් තේරීම් කමිටුවක්

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුතුව මෙම තේරීම් කමිටුව පත්කරන බවය.

Read More »

Today’s Top Stories – Monday 04th December, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »