ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර සංචාරයේදී වීසා – Passport අහෝසි කිරීමේ යෝජනාවක්

ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර සංචාරය කිරීමේදී අවශ්‍ය වන විදේශ ගමන් බලපත්‍ර – වීසා – ආගමන විගමන කාඩ්පත් ඇතුලු අනෙකුත් ලේඛණ භාවිතය නතර කර ඩිජිටල් ක්‍රමවේද අනුගමනය කිරීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

ගුවන් ප්‍රමාදයන් – දිගු ආගමන විගමන පෝලිම් ඇතුලු දුෂ්කරතා එමගින් අහෝසි වනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.

facial recognition හෙවත් මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය යොදාගත හොත් ගමන් බලපත් පරීක්ෂාව තවත් පහසු වනු ඇති බවයි විද්වතුන් පෙන්වා දෙන්නේ.

අගමැති ඇන්තනී ඇල්බනීස් හෙට නවසීලන්තයේ වෙලින්ටන් අගනුවරදී එරට අගමැති ක්‍රිස් හිප්කින්ස් හමුවීමට නියමිත අතර මෙම යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි.

මෙම සියලු යෝජනා ක්‍රියාත්මක කලහොත් රටවල් දෙක අතර සංචාරක කර්මාන්තය තවත් ඩොලර් ට්‍රිලියන ගණනකින් ඉහළ යා හැකි බවටද අනාවැකි පළවී තිබෙනවා.

නිවාස සොයන අයට සහනයක් ගෙන එමින් බැංකු සහ මූල්‍ය ආයතනවලට නව නීති මාලාවක්

රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති ප්‍රතිසංස්කරණ හේතුවෙන් පොලී අනුපාත වෙනස්වීම් ඇතුලු කරුණු කිහිපයක් පිළිබඳව ගනුදෙනුකරුවන් දැනුවත් කිරීමට බැංකු බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

සිඩ්නි දේවස්ථානයේ පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුකරථනයෙන් හමුවූ දේ

සිඩ්නි දේවස්ථානයක පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුරකථනයේ ඇති වීඩියෝ සහ ඡායාරූප දහස් ගණනක් පරීක්ෂා කිරීමට විමර්ශන නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

වලංගු ප්‍රවේශ පත්‍ර නොමැතිව ගිය පාසල් සිසුන්ට වෙච්චි දේ

පර්ත් සහ ඒ අවට ප්‍රදේශවල වලංගු ප්‍රවේශ පත්‍රයක් නොමැතිව පොදු ප්‍රවාහනය භාවිත කිරීමේ චෝදනා මත ට්‍රාන්ස්පර්ත් (Transperth) විසින් පාසල් සිසු සිසුවියන් 1300කට වැඩි පිරිසකට දඩ නියම කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ රැකියා කරන අයගෙන් වැඩි පිරිසක් සේවය හැර යාමේ සූදානමක්

එළඹෙන වසර තුළ ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 30කට වැඩි පිරිසක් සිය රැකියාවෙන් ඉවත් වීමට ඉඩ ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »