
ඔස්ට්‍රේලියාව තුළ කුළියට සිටින්නන් අතුරින් 4/5 ක් පමණ සිය ආදායමෙන් සියයට 30 ක් පමණ වෙන් කරනුයේ නිවාස කුළී ගෙවීමට බව අනාවරණය වී තිබෙනවා.
එමෙන්ම නිවාස කුළී ගෙවන්නන් සහ උකස් ණය ගෙවන්නන් අතුරින් සියයට 75 ක් පමණ සිය මූල්‍ය සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් අවිනිශ්චිතතාවයක පසුවන බවටයි නවතම සමීක්ෂණයකදී තහවුරු කරගෙන ඇත්තේ.
නවාතැන් ගැටලුව හමුවේ සිය මානසික සෞඛ්‍යයට බලපෑම් එල්ල වන බවට අදහස් පළකර ඇති පිරිස 2/3 ක් පමණ වනවා.

මෙතෙක් නාගරික ප්‍රදේශවල වැඩි වශයෙන් පැවති නිවාස කුළී ගැටලුව ප්‍රාදේශීය කලාප වෙත ව්‍යාප්ත වීම ආරම්භ වී ඇති බවද මෙහිදී අනාවරණය වී තිබෙනවා.
ඔස්ට්‍රේලියාව පුරා දැනට පවතින ඉහළ නිවාස කුළී ගාස්තු අගයන් පහළයාම ලබන වසරේ සිට ආරම්භ වනු ඇති බවටද පසුගියදා වාර්තාවක් පළවුණා.
