Search

වසර 56 කට පසු ඔස්ට්‍රේලියාවේ මුදල් නෝට්ටු සහ කාසි භාවිතය පහළට

1966 වසරේදී ඔස්ට්‍රේලියාවට ඩොලර් සහ සත හඳුන්වාදීමෙන් පසු පළමුවරට මුදල් නෝට්ටු සහ කාසි භාවිතය පහළ ගිය පළමු වසර බවට පසුගිය වසර (2022) පත්වී තිබෙනවා.

ෆෙඩරල් සංචිත බැංකු වාර්තා අනුව 2021 වසරට වඩා 2022 වසරේදී ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් සංසරණයෙන් ඉවත්වී ඇති බව සඳහන්.

මෙය ඔස්ට්‍රේලියාව මුදල් නෝට්ටු හෝ කාසි භාවිතයෙන් ඉවත්ව ඩිජිටල් මුදල් භාවිතයට යොමුවීමේ යහපත් ප්‍රවණතාවයක් බවයි ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.

දැනට රට තුළ සංසරණය වන මුලු මුදල් ප්‍රමාණය ඩොලර් බිලියන 101.3 ක් ලෙස තක්සේරු කර තිබෙනවා.

කෙසේවෙතත් ඩොලර් 05 – 20 සහ 50 යන නෝට්ටු වර්ග 03 ම භාවිතයේ කැපී පෙනෙන අඩුවක් දක්නට ලැබෙන බවයි ෆෙඩරල් සංචිත බැංකු වාර්තා පෙන්වා දෙන්නේ.

මුදල් නෝට්ටු සම්බන්ධ ගණුදෙනුවලින් ක්‍රම ක්‍රමයෙන් ඈත්වීමටද ඔස්ට්‍රේලියාවේ බැංකු කිහිපයක් මේ වනවිටත් පියවර ගනිමින් සිටින අතර 2030 වසර වනවිට චෙක්පත් භාවිතය මුලුමණින්ම අත්හිටුවීමටද ෆෙඩරල් රජය තීරණය කර අවසන්.

වික්ටෝරියාවේ දිය ඇල්ලක් අසල Graffiti ඇඳි පිරිස සොයා පොලිස් විමර්ශන

වික්ටෝරියාවේ සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථනයක් වන Paradise ඇල්ලේ ගල් බිත්තියක් මත කිසියම් පිරිසක් විසින් නීති විරෝධී ලෙස Graffiti ඇඳ තිබෙනවා. Paradise ඇල්ල සංචාරකයින් අතර වඩාත්

Read More »

වික්ටෝරියාවේ අධික වේගයෙන් රිය පදවන අය සොයයි

අධික වේගයෙන් ධාවනය කරන මෝටර් රථ රියදුරන් සෙවීමට වික්ටෝරියා පොලිසිය ජාතික මාර්ග ආරක්ෂණ සතිය [National Road Safety Week] නමින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »