මෙල්බන් නිවාස සංකීර්ණ 09 ක පදිංචිකරුවන්ට දෙන ලොක්ඩවුන් වන්දි ප්‍රකාශයට

කොවිඩ් සමයේ පූර්ව දැනුවත් කිරීමකින් තොරව ලොක්ඩවුන් කෙරුණු මෙල්බන් හි නිවාස සංකීර්ණ කිහිපයක පදිංචිකරුවන්ට හිමිවන වන්දි මුදල් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව වැඩිහිටියෙකුට ඩොලර් 2,200 ක් සහ ළමයෙකුට ඩොලර් 1,130 ක් බැගින් වන්දි ලබාදෙන බවයි ප්‍රාන්ත රජය විසින් අධිකරණයේදී පොරොන්දු වී ඇත්තේ.

උතුරු මෙල්බන් සහ ෆ්ලෙමින්ග්ටන් ප්‍රදේශවල නිවාස සංකීර්ණ 09 ක සිටින වැඩිහිටියන් 1,800 ක් සහ ළමුන් 750 ක් පමණ 2020 වසරේ ජූලි 04 වනදා සිට 18 වනදා දක්වා දින 14 ක් බලහත්කාරයෙන් රඳවා ගෙන සිටි බවටයි ප්‍රාන්ත රජයට චෝදනා එල්ල වන්නේ.

ඒ අනුව ඔවුන් විසින් පවරන ලද නඩුවක් සමථයකට පත්කර ගැනීම සඳහා ඩොලර් මිලියන 5 ක වන්දි මුදලක් ලබාදීමට වික්ටෝරියා රජය මෙම වසර මුළදී එකගතාවය පළකරනු ලැබුවා.

අධිකරණයේදී අදාළ පදිංචිකරුවන් විසින් පවසා තිබුණේ තමන් කිසියම් අයුරකින් පිටත්ව යාමට තැත්කළහොත් ශාරීරිකව හිංසනයට ලක් කරන බවට වික්ටෝරියා පොලිසිය විසින් අනතුරු අගවා තිබූ බවයි.

වසරේ අවසාන සංචිත බැංකු මණ්ඩල හමුව අද – Cash rate අගයෙහි වෙනසක් නොවන ළකුණු

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ව්‍යාපාරවලින් සියයට 61 ක් පසුගිය උත්සව සමයේ ලැබූ වෙළදාමට සාපේක්ෂව සියයට 11 කින් පහත වැටි ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු පවුල් ඒකක වලින් 79% ක් දැඩී මුල්‍ය ආතතියට

අධික ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු ගෘහස්ත පවුල් ඒකක වලින් සියයට 79ක් දැඩී මුල්‍යමය ආතතියකට පත්ව ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

උත්සව සමයට සමගාමීව ඔස්ට්‍රේලියානුවන් සයිබර් අපරාධවලට ගොදුරුවීමේ ඉහළයාමක්

උත්සව සමයට සමගාමීව අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ හා සේවා මිලදී ගන්නා සෑම ඔස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙක් සයිබර් අපරාධ වලට ගොදුරුවන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් නව ක්‍රිකට් තේරීම් කමිටුවක්

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුතුව මෙම තේරීම් කමිටුව පත්කරන බවය.

Read More »