
Northern Territory ප්‍රාන්තයේ අපරාධ සඳහා වගකිව යුතු අවම වයස අවුරුදු 12 දක්වා ඉහළ දමා තිබෙනවා.
ලබන අගෝස්තු පළමුවනදා සිට එය බලාත්මක කෙරෙන බවයි ප්‍රාන්ත රජය නිවේදනය කලේ.
මේ අනුව එදින වනවිට රැඳවුම් කඳවුරුවල සිටින අවුරුදු 10 ත් 12 ත් අතර වන ළමුන් වහා නිදහස් කෙරෙන අතර ඔවුන් මනෝ චිකිත්සක ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නියමිතයි.

අපරාධ සඳහා වගකිව යුතු අවම වයස අවුරුදු 10 න් ඉහළ දැමූ පළමු ප්‍රාන්තය බවට පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී Northern Territory පත්වුණේ ඊට අදාළ නීති ප්‍රාන්ත පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීමත් සමගයි.
කෙසේවෙතත් එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම සඳහා ඔවුන්ට මාස 08 කට වැඩි කාලයක් ගතවුණා.

අපරාධ සඳහා වගකිව යුතු අවම වයස අවුරුදු 10 සිට 12 දක්වා ඉහළ දමා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම ආරම්භ කල පළමු ප්‍රාන්තය වන්නේ වික්ටෝරියා ප්‍රාන්තයයි.
මේ අතර ළමා අයිතිවාසිකම් පිළිබඳ හඩ නගන සංවිධාන රැසක ඉල්ලීම වන්නේ අපරාධ සඳහා වගකිවයුතු අවම වයස අවුරුදු 14 දක්වා ඉහළ දැමිය යුතු බවයි.