නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ අගමැතිනී ජාත්‍යන්තර සිසුන් සහ පුහුණු සංක්‍රමණිකයින් ගෙන්වා ගැනීම අත්‍යාවශ්‍ය බව අවධාරනය කරයි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ අගමැතිනී ජාත්‍යන්තර සිසුන් සහ පුහුණු සංක්‍රමණිකයින් ගෙන්වා ගැනීම අත්‍යාවශ්‍ය බව අවධාරනය කරයි.

Premier Gladys Berejiklian wants to take 1000 international students and skilled migrants a week from January.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අග්‍රාමාත්‍ය Gladys Berejiklian ට​ අවශ්‍ය වී ඇත්තේ සති හයක් ඇතුළත ජාත්‍යන්තර සිසුන් හා නිපුණතා සංක්‍රමණිකයින් ගෙන්වා ගැනීම සඳහා රජයේ හෝටල් නිරෝධායන ස්ථානවලින් තුනෙන් එකක් භාවිතා කිරීමට ය.

මෙම ස්ථාවරය ඇය නොවැම්බර් 13 වන දින පැවැත්වූ ජාතික කැබිනට් රැස්වීම අතරතුර අගමැති Scott Morrison සමඟ​ මතභේදයට තුඩු දී තිබේ. මොරිසන් රජයේ ප්‍රකාශකයෙකු අනතුරු ඇඟවූයේ NSW එහි පහසුකම් වෙනත් අරමුණු සඳහා යොදා ගැනීම “සාධාරණීකරණය” කළ යුතු බවයි. 

Herald Sun සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් Berejiklian කියා සිටියේ, NSW සිය හෝටල් නිරෝධායන ස්ථානවලින් තුනෙන් එකක් ජාත්‍යන්තර සිසුන්, පුහුණු සංක්‍රමණිකයින් සහ ව්‍යාපාරවලට අවශ්‍ය විශේෂ සේවකයින් සඳහා වෙන් කරවා සතියකට පුද්ගලයන් 1000 ක් පමණ ගෙන්වා ගැනීම​ ජනවාරි මාසයේ සිට ආරම්භ කිරීමට අවශ්‍ය බවයි.

 ඇය තවදුරටත් පැවසුවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ උපරිම නිරෝධායන ධාරිතාව පුද්ගලයින් 3000කට සීමා වන බවත් අනෙකුත් ප්‍රාන්ත ද ඕස්ට්‍රේලියානුවන් විදේශයන් ගෙන් ගෙන්වා නිරෝධායන කටයුතු සඳහා දායකත්වය ලබා දීමට කටයුතු කරන ලෙසය​.

“අපේ ආර්ථිකය නංවන දේවල් දෙස බැලීමට කැමතියි .” ඇය පැවසුවාය. “නව වසර තුළ අපට හැකි ඉක්මනින් ජාත්‍යන්තර සිසුන් හා නිපුණතා සංක්‍රමණිකයින් ගෙන්වා ගැනීම ආරම්භ කිරීමට අපි කැමතියි. නමුත් පැහැදිලිවම එය කිරීමට අපට ඉඩ දිය යුත්තේ ෆෙඩරල් රජයයි.”

ඕස්ට්‍රේලියානුවන් විදේශයන්ගෙන් නැවත පැමිණීම සඳහා ප්‍රමුඛතාවය ලබා දීම සඳහා ජාතික කැබිනට් මණ්ඩලය මේ මස මුලදී තීරණය කළේය. “අපි ජාත්‍යන්තර සිසුන් නැවත පිළිගැනීමට අපේක්ෂා කරන අතර ඔවුන් නැවත පැමිණීම සඳහා අඛණ්ඩව සැලසුම් කරමින් සිටින අතර, මේ අවස්ථාවේ දී අපට ජාත්‍යන්තර සිසුන්ගේ පුළුල් ප්‍රවේශය ඉදිරියට ගෙන යා නොහැක”. මොරිසන් රජයේ ප්‍රකාශකයෙකු කියා සිටියේ හෝටල් නිරෝධායනයේ ප්‍රමුඛතාවය ඕස්ට්‍රේලියානුවන් විදේශයන්හි සිට පැමිණීම බවයි.

Berejiklian අනතුරු ඇඟවූයේ “අපට ජාත්‍යන්තර සිසුන් ගෙන්වා ගත නොහැකි නම් විශ්ව විද්‍යාල කාර්ය මණ්ඩල අහිමිවීමට, රැකියා අහිමිවීමට සිදුවනු ඇත”. පසුගිය සතියේ රැකියා සංඛ්‍යාලේඛන පෙන්වා දුන් ඇය පෙන්වා දුන්නේ බටහිර ඕස්ට්‍රේලියාව හැර (සියයට 0.1 කින්) විරැකියාව (සියයට 0.7 කින්) පහත වැටුණු එකම රාජ්‍යය NSW බවයි.

“ඕස්ට්‍රේලියාව දැන් ආර්ථිකය නංවාලීම සඳහා NSW මත විශ්වාසය තබයි,” ඇය පැවසුවාය. “මෙල්බර්න් ක්‍රියා විරහිත වී ඇති අතර අනෙක් ප්‍රාන්තයන් එතරම් සාර්ථක වී නැත. NSW හි ආර්ථික බලශක්තියට සිසුන් නැවත ගෙන්වා ගැනීමටත්, විශ්ව විද්‍යාල මිනිසුන් සේවයේ යොදවා ගැනීමටත් ඉඩ සැලසේ. ”

වික්ටෝරියානු රජය දෙසැම්බර් 7 වනදා ජාත්‍යන්තර ගුවන් ගමන් සහ හෝටල් නිරෝධායනය නැවත ආරම්භ කරන බව නිවේදනය කළේය. මුලින් දිනකට පුද්ගලයින් 160 ක් හෝ සතියකට 1120 ක් බැගින් ගෙන්වා ගැනීමට අපේක්‍ෂිතය​.

(The Sydney Morning Herald)

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ඉංජිනේරුවෙක් ඇතුලු කණ්ඩායමකින් energy-‘smart ගඩොල්

ඔස්ට්‍රේලියාවේ තාක්‍ෂණ, සැලසුම් සහ ව්‍යවසාය පිළිබඳ ජාත්‍යන්තර විශ්ව විද්‍යාලය වන RMIT විසින් සිදු කළ නවතම පර්යේෂණයක් සඳහා ශ්‍රී ලාංකික ඉංජිනේරුවෙක් ද එක්ව තිබෙනවා.

Read More »

ලොව බලවත්ම පුද්ගලයන් 100 අතරට ශ්‍රී ලාංකික කාන්තාවක්

ටයිම්ස් සඟරාව මගින් නම් කර ඇති ලෝක‍යේ බලවත්ම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ද ඇතුළත්ව තිබෙනවා.

Read More »

මෙල්බන්වලදී පිළිකාවට ගොදුරු වූ ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුවිය ජනතාවගේ සහාය ඉල්ලයි

මහජන සෞඛ්‍ය පිළිබඳ පශ්චාත් උපාධියක් හැදෑරිමට මෙල්බන් වෙත පැමිණි ශ්‍රී ලාංකික වෛද්‍ය නිලධාරිනියක් වූ ඔෂිකා විජයගුණරත්න අවාසනාවන්ත ලෙස පිළිකාවකට ගොදුරු වී තිබෙනවා.

Read More »