ඉදිරි සති කිහිපයේදී ඔස්ට්‍රේලියා මත්පැන් මිළ කැපී පෙනෙන ලෙස ඉහළට

ඉදිරි සති කිහිපයේදී ඔස්ට්‍රේලියාව තුළ මත්පැන් මිළ ගණන් කැපී පෙනෙන ලෙස ඉහළ යනු ඇති බවට අනතුරු ඇගවෙනවා.

සෑම මාස 06 කටම වරක් මෙරට තුළ සුරා බදු ඉහළ දැමෙන්නේ ජාතික පාරිභෝගික මිළ දර්ශකයට සමගාමීවයි.

දැනට පුරෝකථනය කර ඇත්තේ මේ වනවිට ලීටරයකට ඩොලර් 97.90 ක් ලෙස පවතින මත්පැන් ලීටරයක් සඳහා වන බද්ද ඩොලර් 100 ඉක්මවා යනු ඇති බවයි.

ඊට සමගාමීව මත්පැන් මිළ විශාල අගයකින් වැඩිවනු ඇති බවටද අනාවැකි පළවනවා.

පසුගිය වසරේ අගෝස්තු මාසයේදී සියයට 4.1 කින්ද මෙම වසරේ පෙබරවාරි මාසයේදී සියයට 3.7 කින්ද මත්පැන් මිළ ගණන් ඉහළගියා.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් වෙන ලකුණු

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය භාවිත කිරීමේ වයස් සීමාව වෙනස් කරන ලෙසට ෆෙඩරල් රජයට ඉදිරිපත් වූ යෝජනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය හැක්කේ කෙසේද යන්න සොයා බැලීම් ආරම්භ කර තිබෙනවා.

Read More »

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »