කිරි අවුලකට Coles ට චෝදනා

දියර කිරි සැපයුම් ජාලයක හිමිකාරීත්වය ගැනීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් Coles සුපිරි වෙළඳ ජාලයට චෝදනා එල්ල වනවා.

එමගින් වෙළඳපොලේ දියර කිරි මිල පාලනයට ඔවුන්ට වැඩි බලතල පැවරෙන බවටයි කිරි ගොවීන් මෙන්ම ඔස්ටේ්‍රලියානු පාරිභෝගික කොමිසමද අවධාරණය කරන්නේ.

වික්ටෝරියා සහ නිවු සවුත් වේල්ස් හි පිහිටා ඇති කිරි සැකසුම් මධ්‍යස්ථාන 02 ක් ඩොලර් මිලියන 105 ක මුදලකට මිළදී ගැනීමටයි Coles උත්සාහ දරමින් සිටින්නේ.

වසරකට මේ හරහා දියර කිරි ලීටර් මිලියන 225 ක් පමණ නිෂ්පාදනය කල හැකි බවද සඳහන්.

සෙසු තරගකාරී ආයතනවලට සාපේක්ෂව Coles විසින් කිරි ගොවීන් සඳහා ඉහළ මිළ ගණන් ගෙවන බැවින් බොහෝ පිරිසක් ඔවුන් වෙත නැඹුරු වී ඇති බවටද අනාවරණය වනවා.

උපදේශන සහ කොන්ත්‍රාත් වෙනුවෙන් වික්ටෝරියා රජය වසරකදී $ බිලියන 4.2 ක් වැය කරයි

විවිධ උපදේශන සේවා සහ කොන්ත්‍රාත් සමාගම් වෙනුවෙන් වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් 2021-22 මුල්‍ය වර්ෂයේදී වැය කර ඇති මුදල ඩොලර් බිලියන 4.2 ක් බවට ගණන් බලා තිබෙනවා.

Read More »

මෙවර නත්තල් සමයේ සිල්ලර සේවකයන්ට එල්ලවන තර්ජනවල ඉහළයාමක්

පෙර වසරට වඩා භාණ්ඩ මිළ ඉහළයාමත් සමග මෙම වසරේ නත්තල් සමයේදී සිල්ලර අලෙවිසැල් සේවකයන්ට පාරිභෝගිකයන්ගෙන් එල්ලවන තර්ජනවල ඉහළයාමක් අපේක්ෂා කරන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »

රියදුරන්ගෙන් අයකල විද්‍යුත් වාහන බද්ද නැවත ගෙවිමට වික්ටෝරියා රජය සූදානම්

වික්ටෝරියා ප්‍රාන්තයේ විද්‍යුත් වාහන භාවිත කරන රියදුරන්ගෙන් අයථා ලෙස අයකල විද්‍යුත් වාහන බද්ද නැවත ගෙවිමට ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »

මෙවර නිවාඩු සමයේ සංචාරවල නිරතවන ඔස්ට්‍රේලියානුවන් පහළට

ඉහළ ජීවන වියදම හමුවේ මෙවර නිවාඩු සමයේදී සංචාරවල නිරතවන ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව සැළකිය යුතු අගයකින් අඩුවනු ඇති බවට පුරෝකථනය කර තිබෙනවා.

Read More »