මතභේදාත්මක ලිංගික පොත අලෙවි වාර්තා තබයි

ආන්දෝලනයට තුඩු දී ඇති නව යොවුන් කණ්ඩායම් ඉලක්ක කරගත් ඔස්ට්‍රේලියාව තුළ ප්‍රකාශයට පත්කර ඇති ලිංගික අධ්‍යාපන ග්‍රන්ථය ඉහළම අලෙවි වාර්තා තබා තිබෙනවා.

පොත් අලෙවිසැල් තුළ මෙන්ම ඇමසන් වැනි අන්තර්ජාල වෙබ් අඩවිවලද එය මේ වනවිට ඉහළම අලෙවියක් තබා ඇති බව සඳහන්.

අවුරුදු 12 ත් 15 ත් අතර පිරිස වෙනුවෙන් සකස් කර ඇති මෙම ග්‍රන්ථයේ අන්තර්ගතය පිළිබඳ ගැටලූවක් නොමැති නමුත් එහි ඇතුළත් ඇතැම් රූපමය සටහන් නුසුදුසු බවටයි චෝදනා එල්ල වන්නේ.

ඒ අනුව එල්ල වූ විරෝධය හමුවේ සිය අලෙවිසැල් තුළින් මෙම ග්‍රන්ථය ඉවත් කරගැනීමට Big W වෙළඳසැල් ජාලය කටයුතු කරනු ලැබුවා.

දෙමව්පිය අනුමැතිය යටතේ පමණක් මිළදී ගත හැකි ලෙස බොහෝ අලෙවිසැල් විසින් මෙම ග්‍රන්ථයට රෙගුලාසියක්ද පණවා ඇති බවයි පැවසෙන්නේ.

මතභේදයට තුඩුදී ඇති රූප සටහන් සංශෝධනය කරන්නේ නම් ඔස්ට්‍රේලියාව තුළ නව යොවුන් පිරිස් සඳහා දැනට ප්‍රකාශිත හොඳම ලිංගික අධ්‍යාපනික පොත මෙය බවටද පිරිසක් අදහස් දක්වා තිබෙනවා.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »