ග්‍රීෂ්ම සෘතුවේදී නැවත වරක් ඔස්ට්‍රේලියාව තුළ විදුලි ගාස්තු ඉහළට

එල් නිනෝ දේශගුණ විපර්යාසය හමුවේ ලබන ග්‍රීෂ්ම සෘතුවේදී නැවත වරක් ඔස්ට්‍රේලියාව තුළ විදුලි ගාස්තු ඉහළ යනු ඇති බවට අනතුරු ඇගවෙනවා.

පෙර වසරවලට සාපේක්ෂව මෙවර දැඩි උණුසුමක් බලාපොරොත්තුවිය හැකි බැවින් වැඩි විදුලිය ප්‍රමාණයක් භාවිත වනු ඇති බවට තක්සේරු කර තිබීමයි ඊට හේතුව වන්නේ.

බලශක්ති සැපයුම්කරුවන්ට වැඩි පිරිවැයක් දැරීමට සිදුවීම හමුවේ ඔවුන් විසින් ගාස්තු වැඩි කිරීමක් සිදුකරනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

අගෝස්තු 01 වනදා සිට විදුලි ගාස්තු ඉහළ දැමීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බලශක්ති සැපයුම්කරුවෙකු වන Energy Australia පසුගියදා තීරණය කරනු ලැබුවා.

එක් එක් ප්‍රදේශය අනුව විදුලි ගාස්තු ඉහළ දැමීමේ අගයන්හි වෙනසක් සිදුවිය හැකි වුවද සාමාන්‍යයෙන් වසරකට ඩොලර් 305 ක පමණ ගාස්තු වැඩිවීමක් සිදුවිය හැකි බවටයි අනාවැකි පළවන්නේ.

පසුගිය ජූලි 01 වනදා සිට වෙනත් විදුලි සමාගම් කිහිපයක්ද ගාස්තු ඉහළ දමනු ලැබුවා.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »