Search

රාජ්‍ය සේවකයන්ට අඩු වැටුප් ගෙවන බවට Northern Territory ප්‍රාන්ත රජයට චෝදනා

රාජ්‍ය සේවකයන්ට අඩුවෙන් වැටුප් ගෙවන බවට Northern Territory ප්‍රාන්ත රජයට චෝදනා එල්ල වනවා.

සේවා මුර ක්‍රමයට සේවය කරන 2,000 ක් පමණ වන සේවකයන්ට මෙම අසාධාරණයට මුහුණදීමට සිදුවී ඇති බවයි සේවක වෘත්තීය සමිති චෝදනා කරන්නේ.

ඇතැම් සේවකයන් සතියකට පැය 38 ක කාලයක් සේවා මුර සඳහා අනුයුක්ත කර ඇතත් ඔවුන්ට වැටුප් ගෙවා ඇත්තේ පැය 36 යි විනාඩි 45 කට පමණක් බවටයි තහවුරු කරගෙන ඇත්තේ.

ඔවුන්ගෙන් පිරිසක් වසර 03 ක හෝ 04 ක සිට මෙලෙස අඩුවෙන් වැටුප් ලබා ඇති බවටද අනාවරණය කරගෙන තිබෙනවා.

මෙම සේවකයන්ට සියයට 3.4 ක වැටුප් වැඩිවීමක් ඉල්ලා ඉතාම නුදුරේදී වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමටද Northern Territory වෘත්තීය සමිති සූදානම් වනවා.