
තරුණ ඔස්ට්‍රේලියානුවන් විශාල පිරිසක් ප්‍රමාණවත් නින්දක් නොලබන බව අධ්‍යයනයකදී අනාවරණය වී තිබෙනවා.
1/4 කට ආසන්න පිරිසකට කායික හෝ මානසික රෝග ඇතිවීමටද එය බලපාන බවයි මෙහිදී හෙළිවී ඇත්තේ.
තරුණ ඔස්ට්‍රේලියානුවන් 1,234 දෙනෙකු සහභාගී කරගනිමින් සිදුකල සමීක්ෂණයකදී සියයට 60 කට ආසන්න පිරිසක් පවසා තිබුණේ සිය නින්ද ස්ථිර වේලාවක නොගන්නා අවිධිමත් එකක් බවයි.

නිර්දේශ කර ඇති පැය ගණනට වඩා අඩුවෙන් නින්දක් ලබාගන්නා පිරිස 1/3 ක් ලෙසටයි තහවුරු කරගෙන ඇත්තේ.
එමෙන්ම සයනයට යාමෙන් පසු නින්ද ළගාවීම සඳහා විනාඩි 30 කට වැඩි වේලාවක් ගතවන බවට පවසා තිබු ප්‍රතිශතය සියයට 18 ක්.

සෞඛ්‍ය විද්වතුන් උපදෙස් දෙන්නේ නියමිත පැය ගණනක් නින්ද නොලැබීම හමුවේ ආතතිය සහ විශාදය වැනි මානසික රෝගවලට පහසුවෙන් ගොදුරුවිය හැකි බවයි.