
ඇලිස් ස්ප්‍රිංග්ස් නගරයට පණවා ඇති ඇල්කොහොල් තහණම තවත් මාස 12 ත් 18 ත් අතර කාලයකට දීර්ඝකර තිබෙනවා.
Northern Territory ප්‍රධාන අමාත්‍ය නටාෂා ෆයිල්ස් සඳහන් කලේ බීමත්ව සිදුකරන අපරාධවල කිසියම් පාලනයක් දැක ගත හැකි බැවින් එම තත්වය ආරක්ෂා කර ගැනීමේ අරමුණ ඇතිව එම පියවර ගන්නා බවයි.
පසුගිය දෙසැම්බර් සිට මේ දක්වා එවැනි ප්‍රචණ්ඩ ක්‍රියා සියයට 63 කින් පමණ අඩුවී ඇති බවයි ප්‍රධාන අමාත්‍යවරිය සඳහන් කලේ.

ඇලිස් ස්ප්‍රිංග්ස් නගරයේ ඇල්කොහොල් නීති ලිහිල් කිරීමත් සමග පසුගිය වසරේ මැයි මාසයේ සිට ප්‍රචණ්ඩ ක්‍රියාවල ඉහළයාමක් දක්නට ලැබුණා.
නැවතත් එම සීමා පණවනු ලැබුවේ පසුගිය වසරේ අගභාගයේදීයි.
