මුදල් නොගෙවා යාම වළකන්න Woolworths වෙතින් අලුත් වැඩක්

කෘත්‍රීම බුද්ධිය හෙවත් AI තාක්ෂණය යොදාගත් නව ආරක්ෂණ කැමරා පද්ධතියක් සිය අලෙවිසැල් තුළ ස්ථාපිත කිරීමට Woolworths සුපිරි වෙළඳසැල් ජාලය තීරණය කර තිබෙනවා.

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් එය ආරම්භ කෙරෙන අතර ස්වයං ගෙවීම් යන්ත්‍ර (self checkouts) අසල ඒවා සවි කෙරෙනු ඇති.

භාණ්ඩ මිළදී ගෙන මුදල් නොගෙවා පිටව යාම මෙන්ම වැඩියෙන් භාණ්ඩ මිළයට ගෙන අඩුවෙන් මුදල් ගෙවීම සැළකිල්ලට ගෙනයි Woolworths විසින් මෙම තීරණය ගෙන ඇත්තේ.

මේ හරහා කිසිදු ආකාරයක පාරිභෝගිකයන්ගේ අනන්‍යතාවයට හෝ පුද්ගලිකත්වයට හාණියක් නොවන බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

මිළදී ගත් භාණ්ඩ සඳහා මුදල් ගෙවීමේදී නිසි ලෙස ස්කෑන් නොවුණහොත් පළමුවෙන් පාරිභෝගිකයා වෙත දැනුම්දීමක් මෙහිදී සිදුවනු ඇති.

ඊට සමගාමීව වෙළඳසැල් සේවකයෙකුද එම ස්ථානයට යොමුකරවිම සිදුවන බව Woolworths නිවේදනය කර සිටිනවා.

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට පඩිත් එක්ක වැඩි වැටුප් ගන්න නව යෝජනාවක්

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට අර්ධ වැටුප් යටතේ වැඩි නිවාඩු ලබා ගැනීමට හැකි නව යෝජනාවක් ඔම්බුට්ස්මන් කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

Read More »

පාලිත තෙවරප්පෙරුමගේ මරණයට හේතුව හෙළිවෙයි

අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුමගේ මරණය විදුලි සැර වැදීමෙන් සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්වලට සිදුවූ බරපතළ හානි හේතුවෙන් සිදුවූවක් බව පශ්චාත් පරීක්ෂණයේදී තහවුරු වී තිබෙනවා.

Read More »

පිහි ඇනුම නිසා වැසුණු සාප්පු සංකීර්ණය අද විශේෂ කටයුත්තක් වෙනුවෙන් විවෘත වෙයි

බොන්ඩායි ජන්ෂන්හි සාප්පු සංකීර්ණයේ සිදුවූ පිහි ඇණුම හේතුවෙන් තාවකාලිකව වසා දැමූ සාප්පු සංකීර්ණය යළි විවෘත කිරීමට එහි පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

Read More »

කොවිඩ් එන්නත් නිසා මරණයෙන් ගැලවුණු ඔස්ට්‍රේලියා ජීවිත ගැන අලුත් අනාවරණයක්

ඔස්ට්‍රේලියාවේ COVID-19 එන්නත් වැඩසටහන හේතුවෙන් 2021 වසරේ අගෝස්තු මාසයේ සිට 2022 වසරේ ජූලි මාසය අතර කාලසීමාව තුල නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පමණක් පුද්ගලයින් 20,000කට ආසන්න පිරිසකගේ ජීවිත බේරා ගැනීමට හැකිව ඇතැයි වාර්තා වනවා.

Read More »