පොදු රාජ්‍ය ක්‍රීඩා අවලංගු කිරීම කලින් දැන නොසිටි බව අගමැති කියයි

2026 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වයෙන් වික්ටෝරියා ප්‍රාන්තය ඉවත්වීමට යන බවට කලින් දැන සිටි බවට වන වාර්තා අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් ප්‍රතික්ෂේප කරනවා.

පසුගිය මැයි මාසයේ පැවති ෆෙඩරල් අයවැය ඉදිරිපත් කිරීමට පෙර සිටම පාලක ලේබර් පක්ෂ රජය එය දැනුවත්ව සිටි බවටයි වික්ටෝරියා විපක්ෂ නායක ජෝන් පෙසුටෝ විසින් චෝදනා කර තිබුණේ.

පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල සඳහා ෆෙඩරල් රජයේ අයවැයෙන් කිසිදු ප්‍රතිපාදනයක් වෙන් කර නොතිබීම ඊට උදාහරණයක් ලෙසටයි ඔහු පෙන්වා දෙන්නේ.

කෙසේවෙතත් 2026 පොදු රාජ්‍ය ක්‍රීඩා උළෙලේ සමස්ත බරපැන දැරීම වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් භාරගෙන තිබූ බැවින් ෆෙඩරල් අයවැයෙන් කිසිදු මුදලක් වෙන් නොකල බව අගමැති ඇල්බනීස් අවධාරණය කරනවා.

2018 ගෝල්ඩ් කෝස්ට් පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ මුලු වියදම දරනු ලැබුවේද ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය විසින් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මේ අතර වික්ටෝරියා රජය විසින් මේ වනවිට ප්‍රතික්ෂේප කර ඇති 2026 පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය දැරීම නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින්ද ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මෙල්බන් ජනතාවගේ ජීවිත ගැන හිතාගන්න බැරි කතාවක්

ලෝකයේ ජීවත් විය හැකි නගර ලැයිස්තුව අතරින් පෙරමුණේ පසුවන මෙල්බන් නගර වැසියන්ගේ සාමාන්‍ය ජන ජීවිතයේ ගුණාත්මක භාවය නරක අතට හැරෙමින් ඇතැයි නව වාර්තාවක් මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

සතියක් ඇතුලත ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරුන් 3ක් රිය අනතුරුවල

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය ඊයේ (17) රාත්‍රියේ ජාවත්ත මාර්ගයේ සළුසල ඉදිරිපිටදී අනතුරට ලක් වී තිබෙනවා.

Read More »