Search

කර්තෘ අයිතියට අදාළව ලංකාවේ මාධ්‍ය ආයතනයකට වාරණ 02 ක්

සීමියුසික් පබ්ලිෂින් (CeyMusic Publishing) ආයතනය විසින් MTV/MBC චැනල් පුද්ගලික සමාගම (MBC/MTV Channels Pvt Ltd) ට එරෙහිව පවරන ලද නඩු විමසීමකට අදාළව වාරණ නියෝග 02 ක් ලබාදී තිබෙනවා.

මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි විසිනුයි මෙම නියෝග ලබා දී ඇත්තේ.

MTV/MBC  චැනල් පුද්ගලික සමාගම විසින් මෙහෙයවනු ලබන රූපවාහිනි නාලිකාවන් වල CeyMusic රචකයන්ගේ ගීත හා සංගීත නිර්මාණ ඉදිරිපත් කිරීම වළක්වාලමින් එක් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

එම ආයතනයේ සමාජ මාධ්‍ය ජාල වලට එම ගීත, උඩුගත කිරීම (Upload) ප්‍රසිද්ධ කිරීම – ප්‍රදර්ශනය කිරීම වළක්වාලමිනුයි අනෙක් වාරණ නියෝගය නිකුත් කරනු ලැබුවේ.

MTV/MBC චැනල් පුද්ගලික සමාගම ආයතනයට එරෙහිව CeyMusic Publishing ආයතනය පවරන ලද නඩු විමසීමට අදාලව කරැණු දැක්වීම ඊයේ (19-07-2023) දිනයේ සිදු වුණා.

මේ කරැණු දැක්වීම සිදු වූයේ CeyMusic ආයතනයේ ලියාපදිංචි පද රචකයන් හා සංගීතඥයන් හතළිස් එක් දෙනෙකු ගේ නිර්මාණ පන්සිය තුනක් “The Voice Sri Lanka” වැඩසටහන් මාලාව හරහා අනවසරයෙන් ප්‍රතිනිර්මාණය කිරීමේදී සිදු වූ කර්තෘ අයිතිය උල්ලංඝණය වීම් හේතු කොට ගෙනයි.

මෙහිදී ඉදිරිපත් වු කරැණු හා ගොනු කරන ලද ලේඛන සලකා බැලීමෙන් අනතුරුවයි මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි විසින් මෙම නියෝග ලබා දී ඇත්තේ.

පසු සටහන

MTV/MBC චැනල් පුද්ගලික සමාගම ආයතනය (සිරස මාධ්‍ය ජාලය) යනු ශ්‍රී ලංකාවේ ජනතාව සමග සිටින ප්‍රමුඛතම මාධ්‍ය ආයතනයක් බව අවිවාදිතයි.

ඕනෑම ගැටලුවකදී ජනතාව සමග සිටගැනීමත් අපක්ෂපාතී වාර්තාකරණයත් ස්වභාවික ආපදා වැනි අවස්ථාවලදී පළමුවෙන්ම පිළිසරණ සැපයීමට ඉදිරිපත්වීමත් අගය කල යුතුයි.

ඉහත පුවත නඩු කටයුත්තක් වාර්තාකරණක් පමණක් වන අතර MTV/MBC චැනල් පුද්ගලික සමාගම අපහසුතාවයට පත් කිරීමක් නොවන බව සළකන්න.

වික්ටෝරියාවේ දිය ඇල්ලක් අසල Graffiti ඇඳි පිරිස සොයා පොලිස් විමර්ශන

වික්ටෝරියාවේ සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථනයක් වන Paradise ඇල්ලේ ගල් බිත්තියක් මත කිසියම් පිරිසක් විසින් නීති විරෝධී ලෙස Graffiti ඇඳ තිබෙනවා. Paradise ඇල්ල සංචාරකයින් අතර වඩාත්

Read More »

වික්ටෝරියාවේ අධික වේගයෙන් රිය පදවන අය සොයයි

අධික වේගයෙන් ධාවනය කරන මෝටර් රථ රියදුරන් සෙවීමට වික්ටෝරියා පොලිසිය ජාතික මාර්ග ආරක්ෂණ සතිය [National Road Safety Week] නමින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »