
ලොව සුපතළ ශ්‍රී ලාංකීය තේ සන්නාමයක් වන ඩිල්මා තේ හි නිර්මාතෘ මෙරිල් ජේ ප්‍රනාන්දු අද අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයන විට ඔහුගේ වයස අවුරුදු 93 ක්.
ඔස්ටේ්‍රලියාව ඇතුලු රටවල් 100 ක පමණ අතිශය ජනප්‍රිය තේ සන්නාමයක් ලෙසයි ඩිල්මා තේ සැළකෙන්නේ.

2019 වසරේදී ඩිල්මා තේ ප්‍රධාන විධායක නිළධාරී ධුරයෙන් ඔහු ඉල්ලා අස්වූ අතර එම පුරප්පාඩුවට පත් කෙරුණේ ඔහුගේ පුත්‍රයා වන ඩිල්හාන් ප්‍රනාන්දු යි.
ව්‍යවසායකයෙකු ලෙස දැක්වූ දක්ෂතා ඇගයීම පිණිස මෙරිල් ජේ ප්‍රනාන්දු සම්මාන රැසකින්ද පිදුම් ලබා තිබුණා.
