ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය සියයට 0.1 කින් පහළ ගොස් තිබෙනවා.
මැයි මාසයේදී එය සියයට 3.6 ක් ලෙස පැවති නමුත් ජූනි මාසයේදී සියයට 3.5 දක්වා අඩුවී ඇති බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශය අද නිකුත් කල දත්ත වාර්තාවල දැක්වෙන්නේ.
නව රැකියා 33,000 ක් පමණ පසුගිය මාසයේදි බිහිවී තිබීම මීට ප්‍රධාන හේතුවයි.
මෙය ආර්ථික විශ්ලේෂකයන් අපේක්ෂා කල මට්ටමට වඩා යහපත් ප්‍රවණතාවයක් වීම විශේෂත්වයක්.
මේ අතර රැකියා 500 ක් පමණ කප්පාදු කිරීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සන්නිවේදන සමාගමක් වන Telstra සූදානම් වනවා.
ඩොලර් මිලියන 500 කට ආසන්න මුදලක් ඉතිරි කර ගැනීමයි එහි අරමුණ වන්නේ.
ඉවත් කෙරෙන සේවකයන්ට වන්දි පිරිනැමීමට නියමිත බවයි සමාගම නිවේදනය කලේ.
Telstra සමාගම සතුව ඔස්ට්‍රේලියාව තුළ සේවය කරන සංඛ්‍යාව 30,000 කට ආසන්නයි.