කාන්තා පාපන්දු ලෝක කුසලානය අද සිට – සිඩ්නිවාසීන්ට උපදෙස් මාලාවක්

2023 කාන්තා පාපන්දු ලෝක කුසලානය ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ සම සත්කාරකත්වයෙන් අද ආරම්භ වනවා.

දින 32 ක් පුරා තරග 64 ක් පැවැත්විමට නියමිත අතර මෙල්බන් – බ්‍රිස්බන් – ඇඩිලේඩ් – පර්ත් සහ සිඩ්නි යන නගරවලදී තරග පැවැත්වීමට නියමිතයි.

අවසාන මහා තරගය ලබන මස 20 වනදා පැවැත්වීමට නියමිතව ඇත්තේ සිඩ්නි හිදීයි.

සත්කාරක නවසීලන්තය සහ නෝර්වේ අතර තරගය ඕක්ලන්ඩ් හිදීත් – සත්කාරක ඔස්ට්‍රේලියාව සහ අයර්ලන්තය අතර තරගය සිඩ්නි හිදීත් අද පැවැත්වෙනු ඇති.

මේ අතර තරග පැවැත්වෙන දිනවලදී සිඩ්නි නගරයේ විශේෂ රථවාහන සැළසුම් ක්‍රියාත්මක වන බැවින් හැකි සෑම අවස්ථාවකදීම පොදු ප්‍රවාහනය භාවිතයට ගන්නා ලෙස නිවු සවුත් වේල්ස් බළධාරීන් ඉල්ලීමක් කරනවා.

එමෙන්ම තරග ප්‍රදර්ශනය කරන අවන්හල් ඇතුලු ස්ථාන විවෘත කර තබන පැය ගණන දීර්ඝ කිරීම සඳහාද ප්‍රාන්ත බළධාරීන් අවසර දී තිබෙනවා.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »