Search

මෙල්බන් පුරා අයිස් – හෙරොයින් බෙදන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාලයක් වටලයි

මෙල්බන් නගරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වූ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාලයක් වැටලීමට වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය සමත්ව තිබෙනවා.

සැකකරුවන් 09 දෙනෙකු මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති අතර කඩු – ගිණි අවි – මත්ද්‍රව්‍ය සහ ඩොලර් 750,000 ක මුදලක්ද ඔවුන් සතුව තිබී හමුවී ඇති බව සඳහන්.

මාස 10 කට ආසන්න කාලයක් පුරා සිදුකල විමර්ශනයක ප්‍රථිඵලයක් අනුවයි මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙල්බන් නගරය පුරා අයිස් සහ හෙරොයින් බෙදා හැරීම ඔවුන් විසින් සිදුකර ඇති බව අනාවරණය කරගෙන තිබෙනවා.

ප්‍රධාන සැකකරු සතුව තිබී ඩොලර් ලක්ෂයක් පමණ වටිනා අත් බෑග සහ ස්වර්ණාභරණ ද පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඔස්ට්‍රේලියානු $ අගය අද රුපියල් 190කට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 11) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 190 කට ආසන්න වී තිබෙනවා.

Read More »

ඔබත් Coffee Lover කෙනෙක් ද? එහෙනම් ඔබට තවත් ගැටලුවක්

ගෝලීය වෙළඳපොලේ භාණ්ඩ වල මිල ඉහල යාමත් සමග Coffee Lovers ලට ඔවුන්ගේ ප්‍රියතම පාන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »