
ස්වදේශික හඩ ජනමත විචාරණය ජයග්‍රණය කරවීම සඳහා කිසිදු පාර්ශවයකට මුදල් ලබාදී නොමැති බව අගමැති ඇන්තනී ඇල්බනීස් අවධාරණය කරනවා.
එමෙන්ම Australia Day දිනය වෙනස් කිරීමේ කිසිදු සැළසුමක්ද ලේබර් පක්ෂ රජය සතුව නොමැති බවයි ඔහු සඳහන් කලේ.
අගමැති ඇල්බනීස් මේ බව කියාසිටියේ අද පෙරවරුවේ ගුවන් විදුලි සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනුයි.

ජනමත විචාරණයට පක්ෂ ඔස්ටේ්‍රලියානුවන් සංඛ්‍යාව දිනෙන් දින අඩුවෙමින් ඇති බවයි මේ අතර නවතම සමීක්ෂණ වාර්තාවක සඳහන් වන්නේ.
යෝජිත ජනමත විචාරණයේදී පක්ෂ සහ විරුද්ධ කොටස්වල මූලික අරමුණු පෙරේදා දිනයේදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කෙරුණා.
