
නව යොවුන් කණ්ඩායම් ඉලක්ක කරගත් ලිංගික අධ්‍යාපන ග්‍රන්ථයක් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව තුළ විවාදාත්මක තත්වයක් නිර්මාණය වී තිබෙනවා.
අවුරුදු 12 ත් 15 ත් අතර පිරිස වෙනුවෙන් සකස් කර ඇති මෙම ග්‍රන්ථයේ අන්තර්ගතය පිළිබඳ ගැටලුවක් නොමැති නමුත් එහි ඇතුළත් ඇතැම් රූපමය සටහන් නුසුදුසු බවටයි චෝදනා එල්ල වන්නේ.
දැනටමත් Big W ඇතුලු අලෙවිසැල් ගණනාවක මෙම ග්‍රන්ථය අලෙවියට තබා තිබෙනවා.

එහෙත් දෙමව්පිය අනුමැතිය යටතේ පමණක් මිළදී ගත හැකි ලෙස බොහෝ අලෙවිසැල් විසින් රෙගුලාසියක්ද පණවා ඇති බවයි පැවසෙන්නේ.
මතභේදයට තුඩුදී ඇති රූප සටහන් සංශෝධනය කරන්නේ නම් ඔස්ට්‍රේලියාව තුළ නව යොවුන් පිරිස් සඳහා දැනට ප්‍රකාශිත හොඳම ලිංගික අධ්‍යාපනික පොත මෙය බවටද පිරිසක් අදහස් දක්වා තිබෙනවා.
