Search

ක්‍රිප්ටෝ ගණුදෙනු ගැන NAB බැංකුවද දැඩි පිළිවෙතක

ක්‍රිප්ටෝ මුදල් ඒකක ගණුදෙනු සම්බන්ධයෙන් දැඩි පිළිවෙතක් අනුගමනය කිරීමට NAB බැංකුවද තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඉහළ අවධානම් සහිත ක්‍රිප්ටෝ ගණුදෙනුකරුවන් සඳහා වන ඇතැම් ගෙවීම් ප්‍රමාද කිරීමට සිදුවන බවයි ඔවුන් දන්වා සිටින්නේ.

කොමන්වෙල්ත් සහ වෙස්ට්පැක් බැංකු විසින්ද මේ හා සමාන ක්‍රියාමාර්ග දැනටමත් අනුගමනය කරමින් සිටිනවා.

ඔස්ටේ්‍රලියානුවන් මුහුණදෙන සයිබර් අපරාධ අතුරින් වඩාත් සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන වංචාවක් ලෙසයි ක්‍රිප්ටෝ මුදල් වංචා සැළකෙන්නේ.

පසුගි වසරෙදී පාරිභෝගික කොමිසමට වාර්තා වූ පැමිණිලි 3,910 කට අනුව එලෙස වංචා කර තිබූ මුදල ඩොලර් මිලියන 221 කට අධිකයි.

ඒ අනුව එක් අයෙකු විසින් අහිමි කරගෙන ඇති මුදලෙහි සමාන්‍යය ඩොලර් 56,600 කට ආසන්නව පවතිනවා.

පසුගිය වසරේදී විවිධ වංචා හමුවේ ඔස්ටේ්‍රලියානුවන් අහිමි කරගත් මුලු මුදල ඩොලර් බිලියන 3.1 කට ආසන්න වන අතර ඉන් සියයට 7.1 ක් පමණ ක්‍රිප්ටෝ මුදල් වංචා බව සඳහන්.

ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය අද ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (23) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 192 කට ආසන්න වී තිබෙනවා.

Read More »

රට පුරා මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු රැසක්

ඔස්ට්‍රේලියා ෆෙඩරල් රජය මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව මීට වඩා විශේෂ අවධානයක් යොමු කළ යුතු බවට සෞඛ්‍ය විශේෂඥයින් විසින් පෙන්වා දී තිබෙනවා.

Read More »