Search

ඔස්ට්‍රේලියාවේ විදුලිය ගාස්තු ඉහළයාම 2027 දක්වා

ඔස්ට්‍රේලියාවේ විදුලිය ඇතුලු බලශක්ති ගාස්තු ඉහළයාම 2027 වසර දක්වා සිදුවිය හැකි බවට නවතම වාර්තාවක් පුරෝකථනය කරනවා.

CSIRO ආයතනය විසින් සකස් කර ඇති මෙම වාර්තාවට අනුව සූර්ය – ජල – සුළං – ගල් අගුරු වැනි සියලුම ප්‍රභවයන් මගින් විදුලිය උත්පාදන පිරිවැය සියයට 20 කින් පමණ ඉහළ ගොස් ඇති බවයි දක්වා ඇත්තේ.

කොවිඩ් සමය අවසන්වීමත් සමග බලශක්ති ක්ෂේත්‍රය නැවත යථා තත්වයට පත්වෙමින් තිබියදී යුක්රේන – රුසියා අර්බුදය නිර්මාණය වු බව මෙම වාර්තාවට ඇතුළත්.

ලොව ප්‍රධානම බලශක්ති සැපයුම්කරුවන් දෙදෙනෙකු වන එම රටවල් දෙක මත යැපෙන අනෙකුත් රටවලටද එම බලපෑම දැඩිව බලපා ඇති බවයි CSIRO ආයතනය සිය වාර්තාවෙන් පෙන්වා දෙන්නේ.

කෙසේවෙතත් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වන සූර්ය සහ සුළං බලය කෙරෙහි වැඩි බරක් තැබීමෙන් පිරිවැය අවම කරගැනීමට හැකියාවක් පවතින බවද එහි වැඩිදුරටත් සඳහන්.

Auslankatv Today’s Top Stories.2024.10.07

ඇඩිලේඩ්වල $ ලක්ෂ 6කට වැඩි වැටුපක රැකියාවකට සුදුස්සෙකු සොයයි සිඩ්නිහිදී මිතුරාගේ වාහනයේ ගැටී ජාත්‍යන්තර සිසුවෙක් ජීවිතක්ෂයට පාප් වහන්සේ විසින් මෙල්බන් බිෂොප්වරයෙක් කාදිනල් ධුරයට පත් කරයි

Read More »

ඇඩිලේඩ්වලින් බාලි දක්වා ගිය ගුවන් යානයක් හදිසි ගොඩබැස්විමක

ඇඩිලේඩ් සිට බාලිහි ඩෙන්පසාර් දක්වා පියාසර කරමින් තිබූ ජෙට්සාර් ගුවන් යානයක වැසිකිළි ගැටළුවක් හේතුවෙන් නැවත ගොඩබස්වා තිබෙනවා.

Read More »

වේගයෙන් යන්න ගිය මෙල්බන් තරුණයෙකුට කාර් එකත් නැති වෙයි

මෙල්බන් තදාසන්න ප්‍රදේශයක පැයට කිලෝමීටර 50ක වේග සීමා කලාපයකදී පැයට කිලෝමීටර 120කට වඩා වැඩි වේගයකින් ගමන් කිරීමේ චෝදනා එල්ල වූ තරුණයෙකුගේ රියදුරු බලපත්‍රය අත්හිටුවා තිබෙනවා.

Read More »

පාප් වහන්සේ විසින් මෙල්බන් බිෂොප්වරයෙක් කාදිනල් ධුරයට පත් කරයි

මෙල්බන්හි රදගුරු මයිකොලා බයිචොක් (Mykola Bychok) ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් පත් කරනු ලබන නව කාදිනල්වරුන් 21 දෙනාගෙන් කෙනෙකු ලෙස තෝරාගෙන තිබෙනවා.

Read More »