සුනඛයා පාලනයට බැරි හිමිකරුට ගෝල්ඩ්කෝස්ට් හිදී $ 619 ක දඩ

සුරතලයට ඇති කරන සුනඛයන් පාලනය කර ගැනීමට අපොහොසත් වන ගෝල්ඩ් කෝස්ට් නගරවාසීන්ට ඩොලර් 619 ක දඩයක් පැණවීමට නාගරික කවුන්සිලය තීරණය කර තිබෙනවා.

සුනඛ සපාකෑම් හමුවේ සිදුවන තුවාල සිදුවීම් ඉහළයාම සැළකිල්ලට ගෙනයි ඔවුන් මෙම පියවර ගෙන ඇත්තේ.

මීට අදාළ ඡන්ද විමසීමක් ලබන සතියේදී ගෝල්ඩ් කෝස්ට් නගර කවුන්සිලයේදී පැවැත්වීමට නියමිතයි.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය මට්ටමින්ද සත්ව පාලන නීති සඳහා නව සංශෝධන මාලාවක් ගෙන ඒමට මේ වනවිටත් සැළසුම් කර තිබෙනවා.

ඒ අනුව කිසියම් සුනඛයෙකු විසින් සපාකෑමෙන් පුද්ගලයෙකු හෝ වෙනත් සත්වයෙකු බරපතල තුවාල ලැබුවහොත් හෝ මරණයට පත්වුවහොත් සුනඛයාගේ හිමිකරුට සිර දඩුවමක් විඳීමට සිදුවනු ඇති.

මීට අමතරව සුනඛ ප්‍රහාරයේ බරපතල භාවය අනුව අය කෙරෙන දඩ මුදල් ප්‍රමාණයද ඉහළ දැමීමට යෝජනා වී තිබෙනවා.

මේ අනුව වික්ටෝරියා සහ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තවල බලාත්මක වන සත්ව පාලන නීති හා සමාන අයුරින් ක්වීන්ස්ලන්ඩ් හි සත්ව පාලන නීති ද දැඩිවීමට නියමිතයි.

දෙන්නෙක් අරගෙන දෙන්නෙක් තෑගි දෙන්න චීන අගමැතිගෙන් පොරොන්දුවක්

ඇඩිලේඩ් සත්වෝද්‍යානයේ සිටින වැන්ග් වැන්ග් (Wang Wang) සහ ෆු නි (Fu Ni) නම් යෝධ පැන්ඩා යුවළ නැවත චීනයට රැගෙන ගොස් ඒ වෙනුවෙන් වෙනත් යෝධ පැන්ඩාවන් යුගළයක් ලබාදෙන බව චීන අගමැති ලි ශියෑන් ප්‍රකාශ කර තිබෙනවා.

Read More »

මෙල්බන් නිවාස දෙකක ගින්න මැඩ පවත්වද්දී වෙළඳසැල් දෙකකුත් ගිනි ගනී

මෙල්බර්න් හි බටහිර ප්‍රදේශයේ නිවාස දෙකක ගරාජයන්වල ඊයේ රාත්‍රී සිදු වූ සැකකටයුතු ගිනි තැබීම් දෙකක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට ස්කොට්ලන්තයෙන් ලකුණු 181ඉලක්කයක්

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ස්කොට්ලන්තය සමග දැන් පැවැත්වෙන තරගය ජය ගැනීමට ඔස්ට්‍රේලියාවට ලකුණු 181ඉලක්කයක් හිමිව තිබෙනවා.

Read More »

රජයේ තීරණ නොසලකා ජාත්‍යන්තර සිසුන්ට වැඩි අවස්ථාවක් දෙන්න ප්‍රාන්තයක් සූදානම්

ෆෙඩරල් රජය ජාත්‍යන්තර ශිෂ්‍ය සංඛ්‍යාව අඩු කිරීමට පියවර ගෙන ඇති පසුබිමක් තුළ Northern Territory ප්‍රාන්තයේ ජාත්‍යන්තර සිසුන් සදහා වැඩි ඉඩක් ලබා දීමට සැළසුම් කර තිබෙනවා.

Read More »

බලාපොරොත්තු රැසක් තැබූ චීන අගමැති ඔස්ට්‍රේලියාවට ඇවිත් කියපු කතාව

තමා ඔස්ට්‍රේලියාවට පැමිණීමත් සමඟ චීන ඔස්ට්‍රේලියා සබඳතා යළිත් යථා තත්ත්වයට පත් වී ඇති බව චීන අග්‍රාමාත්‍ය ලී ශියෑන් (Li Qiang) පවසනවා.

Read More »