මෙල්බර්න් තදාසන්න ප්‍රදේශ පහකට “අනපේක්ෂිත” COVID අනතුරු ඇඟවීමක්!

මෙල්බර්න් තදාසන්න ප්‍රදේශ පහකට “අනපේක්ෂිත” COVID අනතුරු ඇඟවීමක්!

“Unexpected” COVID warning for five Melbourne suburbs!

අපජල විශ්ලේෂණයන්හි “අනපේක්ෂිත” සොයාගැනීමෙන් පසු මෙල්බර්න් නගරාසන්න ප්‍රදේශවල පදිංචිකරුවන්ටකොරෝනා රෝග ලක්ෂණ සඳහා සෝදිසියෙන් සිටින ලෙසට රජය ඉල්ලා සිටී.

සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව ඊයේ(20/11) රාත්‍රියේ Altona සහ අවට තදාසන්න ප්‍රදේශවල පදිංචිකරුවන්ට අනතුරු ඇඟවීමක් කළේය.

පසුගිය බදාදා එකතු කරන ලද පිරිසිදු නොකළ අපජල සාම්පලයක කොරෝනා වයිරස් කොටස් හමු වූ බව එහි සඳහන් ය.

නොවැම්බර් 16 සඳුදා සිට නොවැම්බර් 18 වන බදාදා දක්වා Altona සහ අවට තදාසන්න ප්‍රදේශවල නිවැසියන්ට සහ එම ප්‍රදේශයට පැමිණෙන අමුත්තන්ට කොරෝනා රෝග ලක්ෂණ ඇත්නම් ඒවා පරීක්ෂා කර බලන ලෙස ඉල්ලා සිටී.

ජල පෝෂකයේ තදාසන්න ප්‍රදේශවල Altona, Altona Meadows, Laverton, Point Cook සහ Sanctuary Lakes ඇතුළත් වේ.

සති අටක් පුරාවටම වික්ටෝරියා ප්‍රාන්තයෙන් කිසිඳු කොරෝනා රෝගියෙකු වාර්තා නොවූ අතර මෙම සිද්ධිය “අනපේක්‍ෂිත” ලෙස වික්ටෝරියානු රජය විසින් හඳුන්වා දී ඇත​.

වික්ටෝරියා පුරා ඇති අපජල පවිත්‍රාගාර 50 කදී කොරෝනා වෛරසයට හේතු වන වෛරසය වන SARS-CoV-2 හි කොටස් සඳහා පිරිසිදු නොකළ අපජල සාම්පල විශ්ලේෂණය කරනු ලැබේ.

පසුගිය බ්‍රහස්පතින්දා වික්ටෝරියානු අගමැති Benalla සහ Portland ප්‍රදේශයන්හි ඇති අපජලයේ කොරෝනා වයිරස් කොටස් හමුවීමෙන් පසු මෙලෙස විමර්‍ෂණයක් දියත් කර තිබුණි.

Altona සහ අවට තදාසන්න ප්‍රදේශ මෙල්බර්න් සිට කි.මී. 13 ක් නිරිත දෙසින් පිහිටා ඇත.

(7News)

ජාත්‍යන්තර අධිකරණයෙන් ඊශ්‍රායලයට නියෝගයක්

සාගත තත්ත්වය වළක්වා ගැනීම සඳහා ගාසා තීරයට බාධාවකින් තොරව ආධාර ලබා දීමට අවස්ථාව සලසන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊශ්‍රායලයට නියෝග කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ගුවන්තොටුපලවල දැඩි කාර්ය බහුල තත්ත්වයක්

ඔස්ට්‍රේලියානුවන් දහස් ගණනක් මෙම දීර්ඝ පාස්කු සති අන්ත නිවාඩුවත් සමග ගුවන් ගමන් සඳහා එක්වීමට අපේක්ෂා කරන බව හෙළිව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සැත්කමකට සූදානමින් ඉන්න අයට පණිවුඩයක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කාර්ය සාධක බලකායක ක්‍රියාමාර්ගවලින් පසු ශල්‍යකර්ම සඳහා වූ පොරොත්තු කාලය අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් ව්‍යාපාරිකයාගේ ලැම්බෝගිනි ඇතුලු මෝටර් රථ 17ක් පොලිසියට

මෙල්බන් නගරයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බවට චෝදනා එල්ල වූ පුද්ගලයෙකුට අයත් ඩොලර් මිලියන 4ක වටිනාකමින් යුත් සුඛෝපභෝගී මෝටර් රථ පොලිස් භාරයට ගෙන තිබෙනවා.

Read More »