
ව්‍යාජ මුදල් නෝට්ටු සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලීමක් කෙරෙනවා.
ඩාර්වින් නගරයේ වෙළඳසැලකට ලැබුණු ඩොලර් 50 නෝට්ටු කිහිපයක් ව්‍යාජව මුද්‍රණය කරන ලද ඒවා බවට තහවුරු කර ගැනීමත් සමගයි මෙම අනතුරු ඇගවීම නිකුත් කර ඇත්තේ.
තමන්ට ලැබෙන ඇතැම් මුදල් නෝට්ටු ව්‍යාජ බවට සැකයක් ඇති නම් වහාම ළගම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙසටද ඉල්ලීමක් කෙරෙනවා.

වසරේ මේ දක්වා කාලය තුළ නිවු සවුත් වේල්ස් – ක්වීන්ස්ලන්ඩ් ඇතුලු ප්‍රාන්ත කිහිපයකින්ම ව්‍යාජ මුදල් නෝට්ටු හමුවීමේ සිදුවීම් වාර්තා වුණා.
එහිදී වැඩිම වශයෙන් හමුවී තිබුණේ ව්‍යාජ ඩොලර් 50 නෝට්ටු වීමද විශේෂත්වයක්.
