අගෝස්තු 01 සිට Energy Australia විදුලි ගාස්තු ඉහළට

අගෝස්තු 01 වනදා සිට විදුලි ගාස්තු ඉහළ දැමීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බලශක්ති සැපයුම්කරුවෙකු වන Energy Australia තීරණය කර තිබෙනවා.

ඔවුන් විසින් සිය පාරිභෝගිකයන් වෙත ඊයේ දිනයේදී යවනු ලැබූ ඊ-මේල් පණිවුඩයක ඒ බව සඳහන්.

එක් එක් ප්‍රදේශය අනුව විදුලි ගාස්තු ඉහළ දැමීමේ අගයන්හි වෙනසක් සිදුවිය හැකි වුවද සාමාන්‍යයෙන් වසරකට ඩොලර් 305 ක පමණ ගාස්තු වැඩිවීමක් සිදුවිය හැකි බවටයි අනාවැකි පළවන්නේ.

Energy Australia සමාගම සතුව පාරිභෝගිකයන් ලක්ෂ 16 කට අධික පිරිසක් සිටින අතර නැගෙනහිර ප්‍රාන්ත රැසක වැඩිම පාරිභෝගිකයන් සංඛ්‍යාවක් සිටින බලශක්ති සමාගම වන්නේ ඔවුනුයි.

පසුගිය ජූලි 01 වනදා සිට වෙනත් විදුලි සමාගම් කිහිපයක්ද ගාස්තු ඉහළ දමනු ලැබුවා.

Today’s Top Stories 2024.04.25

ඇන්සාක් ඩේ සැමරුමට දහස් ගණනක් එක්වෙයි – පෙළපාලිවලට ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කරයි පර්ත් ආසන්න මුහුදේ දිය නාන අයට අනතුරු ඇඟවීමක් ඔස්ට්‍රේලියාවේ වැඩි වශයෙන් භාවිත කෙරෙන භාෂා නම් කෙරේ වික්ටෝරියා කාන්තාවන්ගෙන් ෆෙඩරල් රජයට ඉල්ලීමක්

Read More »

උපුල් ශාන්ත සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත නිදහස් කර තිබෙනවා.

Read More »

TikTok තහනම් කෙරෙන පනතට ඇමරිකා ජනපති අත්සන් තබයි

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාව තුළ තහනම් කිරීමට අදාළ යෝජනාවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read More »

දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.

Read More »