සති 02 ක් තුළ වික්ටෝරියා අශ්වයන් 10 ක් මිය යාම ගැන විමර්ශනයක්

සති 02 ක කාලයක් තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයකදී අශ්වයන් 10 දෙනෙකු මිය යාම සම්බන්ධයෙන් ප්‍රාන්ත සෞඛ්‍ය අංශ අවධානය යොමු කර තිබෙනවා.

මෝනින්ග්ටන් පෙනින්සියුලා – ගිණිකොන දිග මෙල්බන් සහ නිරිත දිග මෙල්බන් යන ප්‍රදේශවලදීයි මෙම මරණ සිදුවී ඇත්තේ.

මෙම සැකකටයුතු මරණ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර කිසියම් රෝගී තත්වයක් හේතුවෙන් එම මරණ සිදුවී ඇතිද යන්න කෙරෙහි එහිදී අවධානය යොමු කිරීමට නියමිතයි.

වික්ටෝරියා හි තුරග තරග සම්බන්ධ පාලනාධිකාරිය වන Racing Victoria පවසන්නේ කිසිදු තුරග තරග ඉසව් ස්ථානයකට මෙම මරණ හරහා බලපෑමක් නොමැති බවයි.

කෙසේවෙතත් සිය අශ්වයන් වෙතින් කිසියම් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමක් සිදුවන්නේ නම් වහා වික්ටෝරියා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වෙත දැනුම් දෙන ලෙසටද ඉල්ලීමක් කෙරෙනවා.

ලොව ජනප්‍රිය සමාගමක ලොකු පුටුවකට මෙල්බන්හි උපාධිය හැදෑරූ ශ්‍රී ලාංකික කාන්තාවක්

Coca-Cola සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂවරිය ලෙස (Country Director Sri Lanka & Maldives) ශ්‍රී ලාංකිකයෙක් වන කෞෂාලි කුසුමපාල පත් කර ඇති බව එම සමාගම නිවේදනය කර තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමට මැදිහත් වූ තවත් අයෙකුට ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය

බොන්ඩායි ජන්ෂන්හි සාප්පු සංකීර්ණයකඅ සිදු වූ පිහි ඇනුමේදී තුවාල ලැබූ පකිස්ථාන ජාතික ආරක්ෂක නිලධාරියාට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පුරවැසිභාවය ලැබෙන බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනිස් තහවුරු කර තිබෙනවා.

Read More »