මෙල්බන් – බ්‍රිස්බන් සරම්ප අනතුරු ඇගවීමක්

ඉන්දූනීසියාවේ සිට පැමිණි පුද්ගලයෙකුට සරම්ප ආසාධනය වී තිබීමත් සමග ප්‍රාන්ත කිහිපයක් විසින් අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.

මොහු ජකර්තා සිට මෙල්බන් දක්වා පැමිණ ඇත්තේ පසුගිය 03 වනදා පෙරවරු 06.20 ත් 09.50 ත් අතර කාලයේදීයි.

අනතුරුව ක්වන්ටාස් ගුවන් සේවයේ අභ්‍යන්තර ගුවන් ගමනක් මගින් එදිනම බ්‍රිස්බන් දක්වා පිටත්ව ගොස් ඇති බව සඳහන්.

ජූලි 03 වනදා අදාළ කාලය තුළ මෙල්බන් ගුවන් තොටුපළේ සිටි කවරෙකු හෝ දින 21 ක කාලයක් ගතවන තුරු සරම්ප රෝග ලක්ෂණ පිළිබඳ අවධානයෙන් පසුවිය යුතු බවටයි සෞඛ්‍ය අංශ දන්වා සිටින්නේ.

එමෙන්ම ජූලි 03 වනදා සිට 14 වනදා දක්වා බ්‍රිස්බන් හිදී ඔහු ගමන් කල ස්ථාන ලැයිස්තුවක්ද අවධානම් ස්ථාන ලෙස ක්වීන්ස්ලන්ඩ් සෞඛ්‍ය අංශ විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ආසාධිතයෙකුගේ කිවිසුමකින් හෝ කැස්සකින් පිටවන කෙළ බිඳිති හරහා සරම්ප රෝගය ව්‍යාප්ත විය හැකියි.

ඉහත ස්ථානවල සිටි කවරෙකුට හෝ සැප්තැම්බර් 24 වනදා දක්වා සර්ම්ප රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇත්නම් වහාම ප්‍රතිකාර සඳහා යොමුවන ලෙස ඉල්ලීමක් කෙරෙනවා.

සරම්ප රෝග ලක්ෂණ මොනවාද?

සෙම්ප්‍රතිශ්‍යාව හැදෙන විට මතුවන රෝග ලක්ෂණවලට සමානයි. ක්‍රම ක්‍රමයෙන් වැඩිවන උණ දින 2,3ක් පවති. ඇඟපත වේදනාව, ආහාර අරුචිය, නාසයෙන් හොටු දියර ගැලීම, කැස්ස පළමුව ඇති වී පසුව ඇස් රතුවී ඇස් රුදාව ඇතිවේ.

සිරුරේ රතුවන් ලප කැළැල් ඇති වන්නේ ඊට පසුවයි. රතු ලප ඇතිවීමට දින 2කට පෙර සිටම ලොප්ටික් ලප (Loplik spots) නමින් රතු ලපය මැද පිහිටි අලුවන් සුදු තිත් සහිත කැළැල් වර්ගයක් මුඛය තුළ බිත්තියේ දක්නට ලැබෙනවා.

කන පිටුපස ඇතිවන රතුවන් බොඳ වී ගිය ලප සෙමින් බෙල්ල ප්‍රදේශයටත් පසුව නළලටත්, මුහුණට සහ කඳ ප්‍රදේශයටත් පැතිර යනවා.

එම rash එක මතුවන විට උණ අඩුවී යයි. සතියක් පමණ පවතින රතු කැළැල් සෙමින් බොඳ වී ගොස් හම දුර්වර්ණ භාවයට අවසානයේදී පත්වේ. පසුව සමේ උඩ ස්ථර ඉවත් වීමත් සමඟ සමෙහි නියම පැහැය ඇති වේ.

වසරේ අවසාන සංචිත බැංකු මණ්ඩල හමුව අද – Cash rate අගයෙහි වෙනසක් නොවන ළකුණු

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ව්‍යාපාරවලින් සියයට 61 ක් පසුගිය උත්සව සමයේ ලැබූ වෙළදාමට සාපේක්ෂව සියයට 11 කින් පහත වැටි ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු පවුල් ඒකක වලින් 79% ක් දැඩී මුල්‍ය ආතතියට

අධික ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු ගෘහස්ත පවුල් ඒකක වලින් සියයට 79ක් දැඩී මුල්‍යමය ආතතියකට පත්ව ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

උත්සව සමයට සමගාමීව ඔස්ට්‍රේලියානුවන් සයිබර් අපරාධවලට ගොදුරුවීමේ ඉහළයාමක්

උත්සව සමයට සමගාමීව අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ හා සේවා මිලදී ගන්නා සෑම ඔස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙක් සයිබර් අපරාධ වලට ගොදුරුවන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් නව ක්‍රිකට් තේරීම් කමිටුවක්

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුතුව මෙම තේරීම් කමිටුව පත්කරන බවය.

Read More »