ලොව පුරා අවන්හල් 200 ක් හිමි බිලියනපති ලාංකික ඔස්ට්‍රේලියානු වෛද්‍යවරයා

Australian Financial Review Young Rich List දර්ශකයේ 03 වන ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ඔස්ට්‍රේලියානු වෛද්‍යවරයෙකු වන සෑම් ප්‍රින්ස් සමත්වී තිබෙනවා.

ඔහුගේ දළ වත්කම ඩොලර් බිලියන 1.2 ක් ලෙසයි ගණන් බලා ඇත්තේ.

ශ්‍රී ලාංකික මව් පිය යුවළකට දාව ස්කොට්ලන්තයේදී උපත ලබා ඇති ඔහුට වයස අවුරුදු 03 ක් පමණ වනවිට දෙමව්පියන් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වී තිබෙනවා.

සෑම් ප්‍රින්ස් වෛද්‍ය උපාධිය ලබාගෙන ඇත්තේ මොනෑෂ් විශ්ව විද්‍යාලයෙනුයි.

ඔහුට වසර 21 ක් වනවිට එනමි 2005 වසරේදී මෙක්සිකානු ආහාර අවන්හල් ජාලයක් බිහි කිරීමටද සමත්වි තිබෙනවා.

අද වනවිට ලොවපුරා අවන්හල් 200 කට වැඩි සංඛ්‍යාවක හිමිකාරීත්වය ඔහු විසින් දරන අතර මෙක්සිකානු මෙන්ම ආසියානු ආහාර අවන්හල්ද ඊට අයත්.

ව්‍යවසායක සම්මාන රැසකින්ද වෛද්‍ය සෑම් ප්‍රින්ස් පිදුම් ලබා තිබීම විශේෂත්වයක්.

ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු පවුල් ඒකක වලින් 79% ක් දැඩී මුල්‍ය ආතතියට

අධික ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු ගෘහස්ත පවුල් ඒකක වලින් සියයට 79ක් දැඩී මුල්‍යමය ආතතියකට පත්ව ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

උත්සව සමයට සමගාමීව ඔස්ට්‍රේලියානුවන් සයිබර් අපරාධවලට ගොදුරුවීමේ ඉහළයාමක්

උත්සව සමයට සමගාමීව අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ හා සේවා මිලදී ගන්නා සෑම ඔස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙක් සයිබර් අපරාධ වලට ගොදුරුවන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් නව ක්‍රිකට් තේරීම් කමිටුවක්

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුතුව මෙම තේරීම් කමිටුව පත්කරන බවය.

Read More »

Today’s Top Stories – Monday 04th December, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »