
පාසල් ප්‍රචණ්ඩත්වය පාලනය කිරීමට බටහිර ඔස්ට්‍රේලියා රජය විසින් නව නීති මාලාවක් හඳුන්වාදීමට සූදානම් වනවා.
ප්‍රචණ්ඩ සිදුවීම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ විවිධ පළකිරීම් සිදුකරන සිසුන්ට පන්ති තහනම් පැණවීම් වැනි දැඩි පියවරද ගණනාවක්ද ඊට අයත්.
බටහිර ඔස්ට්‍රේලියාවේ සිසුන් සහ ගුරුවරුන් අතර ගැටුම්වල වර්ධනයක් පෙන්නුම් කිරීම මීට ප්‍රධාන හේතුවයි.

ගතවූ 2022 වසරේදී මෙවැනි සිදුවීම් 2,275 ක් සටහන්වී තිබුණා.
පන්ති කාමරවල දිගින් දිගටම හිංසනකාරී ක්‍රියා සිදුකරන සිසුන් පාසලෙන් ඉවත් කිරීමේ පූර්ණ බලය විදුහල්පතිවරුන්ට පැවරීමද මේ යටතේ සිදුවනු ඇති.
