Search

දුරකථන වංචාකරුවන් වටලන්න Optus අලුත් මෙහෙයුමක

හඳුනාගත් දුරකථන වංචාකරුවන් හට සිය පාරිභෝගිකයන් විසින් ඇමතුම් ලබාගැනීම වළක්වාලීම සඳහා ඔප්ටස් සන්නිවේදන සමාගම විසින් නව ක්‍රියාන්විතයක් හඳුන්වාදී තිබෙනවා.

Call stop ලෙස හඳුන්වාදී ඇති එමගින් සිදුවන්නේ කිසියම් වංචාසහගත ඊ-මේල් පණිවිඩයක් හෝ කෙටි පණිවිඩයක් ලැබීමෙන් පසු එම අංකය වෙත නැවතත් ආපසු ඇමතුමක් ගැනීමට (call back) ඇති හැකියාව අවහිර කිරීමයි.

මෙම සතියේ ක්‍රියාත්මක මෙම ක්‍රමවේදයේදී කිසියම් ඔප්ටස් පාරිභෝගිකයෙකු විසින් පළමුවරට එවැනි අංකයක් වෙත ඇමතුමක් ගැනීමට තැත්කලහොත් අනතුරු ඇගවීම් නිවේදනයක් සහිත ස්වයංක්‍රීය ඇමතුමක් වෙත යොමු කෙරෙනු ඇති.

අනතුරුව එම අංකය ස්වයංක්‍රීයව අවහිර කෙරෙන අතර මින් ඉදිරියට කිසිදු අවස්ථාවක යළි එම වංචා සහගත අංකය වෙත ඇමතුමක් ගැනීමට අවස්ථාවක් හිමිවන්නේ නැහැ.

ඔප්ටස් සමාගමද මෑතකාලීනව දත්ත සොරා ගැනීම් සහ වංචා සිදුවීම් රැසකට මුහුණදීම සැළකිල්ලට ගෙන මෙම පියවර ගෙන තිබෙනවා.

කොරෝනා මිනිසුන් නිපදවූවාදැයි සැකයක් ?

කොරෝනා වයිරසය මිනිසා විසින් සාදන ලද රෝග කාරකයක් බවට තහවුරු කරමින් ධවල මන්දිරය නව වෙබ් අඩවියක් ආරම්භ කර තිබෙනවා. එමගින් ඔවුන් සදහන් කරන්නේ කොවිඩ්-19 වෛරසය

Read More »