පෝකර් යන්ත්‍ර ගැන දැඩි රෙගුලාසි ගන්නැයි NSW රජයට බලපෑම්

පෝකර් යන්ත්‍ර සම්බන්ධයෙන් වික්ටෝරියා ප්‍රාන්තය විසින් දැඩි රෙගුලාසි පැණවීමත් සමග එවැනි දැඩි ක්‍රියාමාර්ගයකට යොමුවන්නැයි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජයට එල්ලවන බලපෑම් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව වෙනස් කල හැකි නීති කවරේද යන්න සොයා බැලීමට විද්වත් කමිටුවක් පත් කිරීමටයි ප්‍රාන්ත අගමැති ක්‍රිස් මින්ස් විසින් පියවර ගෙන ඇත්තේ.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ ස්ථාපිත කර ඇති ලියාපදිංචි පෝකර් යන්ත්‍ර 500 ක් පමණ මෙම නියමු ව්‍යාපෘතියට යොදා ගැනීමට නියමිතයි.

වික්ටෝරියා ප්‍රාන්තයේ පෝකර් ක්‍රීඩා කිරීම් සඳහා නව රෙගුලාසි මාලාවක් ඊයේ ප්‍රකාශයට පත් කෙරුණා.

ඒ අනුව ක්‍රීඩා කරන්නන්ට මෙතෙක් වියදම් කල හැකිව පවතින උපරිම මුදල් සීමාව වන ඩොලර් දහස, ඩොලර් 100 දක්වා අඩු කෙරෙනු ඇති.

ක්‍රවුන් කැසිනෝ හැර අනෙකුත් සෑම ස්ථානයක්ම සූදූ ක්‍රීඩා කරන ප්‍රදේශ අලූයම 04 සිට පෙරවරු 10 දක්වා වසා තැබිය යුතුයි.

වික්ටෝරිය ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් සඳහන් කලේ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තයක් විසින් හඳුන්වා දෙන දැඩිම පෝකර් රෙගුලාසි මාලාව මෙය වනු ඇති බවයි.

වසරකට වික්ටෝරියානුවන් 330,000 ක් පමණ පෝකර් ක්‍රීඩා හරහා ඩොලර් බිලියන 07 ක පමණ මුදලක් අහිමි කරගැනීම සැළකිල්ලට ගෙන මෙම නීති මාලාව පණවන බවද ඔහු සඳහන් කලා.

ලබන වසරේ සිට මෙම නව රෙගුලාසි ක්‍රියාවට නංවන බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් අගමැති ඇන්ඩෲස් ප්‍රකාශ කලේ.

ඔස්ට්‍රේලියාවේ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් ඉල්ලීමක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

ජීවිත 6ක් බිලිගත් සිඩ්නි ප්‍රහාරය ගැන තවත් තොරතුරු හෙළිවෙයි

සිඩ්නි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩායි ජන්ෂන් හි සාප්පු මධ්‍යස්ථානයකදී පුද්ගලයන් කිහිප දෙනෙකුට පිහියෙන් ඇනීමෙන් පසු පොලිස් වෙඩි පහරින් මිය ගිය 40 හැවිරිදි වියේ පසුවන පුද්ගලයා හඳුනා ගැනීමට පොලිසිය තවදුරටත් විමර්ශන සිදු කරමින් පවතිනවා.

Read More »

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 7ක් ජීවිතක්ෂයට

සිඩ්නි හි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි හන්දියේ සාප්පු මධ්‍යස්ථානයේදී සිදු වූ පිහි ඇනුමෙන් සහ වෙඩි තැබීමෙන් ප්‍රහාරකයා ඇතුලු පුද්ගලයන් 7දෙනෙකු මියගොස් තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 4ක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි තොරතුරු

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් හි සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇනුම් සහ වෙඩි තැබීමේ සිදුවීම හේතුවෙන් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයක පිහි ඇනුමක් සහ වෙඩි තැබීමක්

සිඩ්නි නැගෙනහිර ප්‍රදේශයේ වෙස්ට්ෆීල්ඩ්හි සාප්පු මධ්‍යස්ථානයක් තුළ සිදු වූ පිහි ඇනුමක් සහ වෙඩි තැබීමකින් පසු ජනතාවට ඉවත්වන ලෙසට දැනුම් දී තිබෙනවා.

Read More »