ඉන්ෆ්ලුවන්සා ආසාධිතයන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළයාමත් සමග සියලු වයස් කාණ්ඩ සඳහා Flu එන්නත නොමිළයේ ලබාදීම කෙරෙහි ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජයේ අවධානය යොමුවී තිබෙනවා.
ලබන සෙනසුරාදා සිට එම තීරණය ක්‍රියාත්මක කිරීමට අදාළව අද රැස්වන ප්‍රාන්ත රජයේ කැබිනට් මණ්ඩලයට එම යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතයි.
මීට අදාළව ක්වීන්ස්ලන්ඩ් ඇමතිවරුන් – වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය කණ්ඩායම් අද පෙරවරුවේත් සාකච්ඡා වට කිහිපයක් පවත්වා තිබුණා.
ඉන්ෆ්ලුවන්සා ආසාධනය වීමෙන් සන්ශයින් කෝස්ට් හි පදිංචි අවුරුදු 11 ක දැරියක පසුගිය 06 වනදා ජීවිතක්ෂයට පත්වීමත් සමගයි ක්වීන්ස්ලන්ඩ් රජය විසින් මෙම තීරණය ගැනීමට තීරණය කර ඇත්තේ.
දැනට ඔස්ට්‍රේලියාව පුරා ව්‍යාප්ත වන බවට හඳුනාගෙන ඇත්තේ ඉන්ෆ්ලුවන්සා B රෝගී තත්වයයි.
ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් වසරේ මේ දක්වා කාලය තුළ එවැනි ආසාධිතයන් ගණන 15,000 කට අධිකයි.