ඔස්ට්‍රේලියාවේ නිවාස කුළී අර්බුදයට හේතුව විදෙස් සිසුන් බවට චෝදනා

ඔස්ට්‍රේලියාවේ නිවාස කුළී ගාස්තු ඉහළගොස් එම වෙළඳපොල තුළ දැඩි අර්බුදයක් ඇතිවීමට හේතුව ප්‍රමාණය ඉක්මවා විදෙස් සිසුන් ගෙන්වා ගැනීම බවට ස්වාධීන ආයකනයක් චෝදනා කරනවා.

මෙතෙක් වසරකට පැමිණි විදෙස් සිසුන් සංඛ්‍යාව 122,000 ක් වැනි අගයක පැවති නමුත් පසුගිය වසරේදී 250,000 ඉක්මවූ සිසුන් පිරිසක් මෙරටට පැමිණ ඇති බවයි සංඛ්‍යාලේඛණවල දැක්වෙන්නේ.

ඔවුන් විසින් කුළී නිවාස සියයට 70 ක් පමණ වෙන් කරවා ගැනීම හමුවේ සෙසු සංක්‍රමණික ප්‍රජාවට කුළී නිවාස ලබා ගැනීමේදී දැඩි අපහසුතාවයන්ට මුහුණ පෑමට සිදුවී ඇති බව මෙම වාර්තාවේ සඳහන්.

කොවිඩ් සමයේදී අහිමි වූ ඩොලර් බිලියන 40 ක් පමණ වටිනා විදෙස් ශිෂ්‍ය වෙළඳපොල නැවත ලබාගැනීමට ෆෙඩරල් රජය නිසි සැළසුමක් නොමැතිව කටයුතු කිරීමෙන් නිවාස අර්බුදය උග්‍රවී ඇති බවටයි ඔවුන් චෝදනා කරන්නේ.

2023-24 මූල්‍ය වර්ෂය තුළදී තවත් ජාත්‍යන්තර සිසුන් 187,000 ක් පමණ රටට ගෙන්වා ගැනීමට ද ෆෙඩරල් රජය උත්සාහ දරමින් සිටිනවා.

මෙම ගැටලුව කඩිනමින් විසඳීමට පියවර නොගතහොත් 2028 වසර වනවිට ඔස්ටේ්‍රලියාවේ නිවාස 252,000 ක පමණ උග්‍ර හිගයක් නිර්මාණය වනු ඇති බවටයි මෙම වාර්තාව අනතුරු අගවා සිටින්නේ.

උත්සව සමයට සමගාමීව ඔස්ට්‍රේලියානුවන් සයිබර් අපරාධවලට ගොදුරුවීමේ ඉහළයාමක්

උත්සව සමයට සමගාමීව අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ හා සේවා මිලදී ගන්නා සෑම ඔස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙක් සයිබර් අපරාධ වලට ගොදුරුවන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් නව ක්‍රිකට් තේරීම් කමිටුවක්

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුතුව මෙම තේරීම් කමිටුව පත්කරන බවය.

Read More »

Today’s Top Stories – Monday 04th December, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »