ආරක්ෂක ගැටලුවක් හේතුවෙන් මෙල්බන් ගුවන් තොටුපළේ දැඩි ප්‍රමාදයන්

ආරක්ෂක ගැටලුවක් හේතුවෙන් මෙල්බන් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දැඩි ප්‍රමාදයන් හටගෙන තිබෙනවා.

ක්වන්ටාස් මගී පර්න්තයේදී නිසි ලෙස පරීක්ෂාවට ලක් නොවූ මගියෙකු සහ ගමන් මල්ලක් හේතුවෙන් මෙම ප්‍රමාදය හටගෙන ඇති බව සඳහන්.

අදාළ ගුවන් මගියා හඳුනාගැනීම සඳහා ආරක්ෂක අංශ විසින් මේ වනවිට සී සී ටී වී දර්ශන පරීක්ෂා කරමින් සිටින බවයි පැවසෙන්නේ.

ඔහු ගුවන්ගතවීම වළක්වාලීම සඳහා සියලුම ගුවන්වාර ප්‍රමාද කිරීමටද මෙල්බන් ගුවන් තොටුපළ බළධාරීන් කටයුතු කර තිබෙනවා.

මෙම බලපෑම හමුවේ අද දිනය පුරා මෙල්බන් ගුවන් තොටුපළෙහි ගුවන් ගමන් ප්‍රමාදයන් පැවතිය හැකි බවටයි අනතුරු ඇගවෙන්නේ.

 

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »