තායිලන්තයේ පැවැත්වෙන ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ රන් පදක්කමක් සහ රිදී පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත්ව තිබේ.
ඒ අනුව අද පැවති මීටර 400X4 පිරිමි සහාය දිවීමේ ඉසව්වේ අවසන් තරගයේ අද (16) පැවැති අතර ඊට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අරුණ දර්ශන, කාලිංග කුමාරගේ, රාජිත රාජකරුණා සහ පබසර නිකූ සහභාගි වුණි.
එම ඉසව්ව විනාඩි 03. තත්පර එකයි දශම 5යි6කින් නිම කළ ශ්‍රී ලංකා කණ්ඩායම නව තරග වාර්තාවක් සහ නව ශ්‍රී ලංකා වාර්තාවක් සමගින් රන් පදක්කම දිනා ගැනීමට සමත්වුණි.
මේ අතර ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ කාන්තා මීටර් 400×4 සහාය දිවීමේ ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමටච ශ්‍රී ලංකාව අද සමත්වුණි.
මෙම තරග ඉසව්වේදී නදීෂා රාමනායක, තරුෂි කරුණාරත්න, සයුරි මෙන්ඩිස් සහ නිශේන්ද්‍රා ප්‍රනාන්දු ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළේය.
එහිදී විනාඩි 03 යි තත්පර 33 යි දශම 2යි7කින් තරගය නිම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මෙහිදි නව ශ්‍රී ලංකා වාර්තාවක්ද පිහිටුවනු ලැබීය.
ඒ අනුව මෙවර තරගාවලියේදී රන් පදක්කම් 3ක් රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම් 3ක් සමගින් සමස්ත පදක්කම් 8ක් දිනා ගැනීමට සමත් වුණි.
එය වාර්තා අතරට එක් වුණේ ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියක ශ්‍රී ලංකාව දිනාගත් වැඩිම පදක්කම් සංඛ්‍යාව ලෙසය.
එම පදක්කම 8ත් සමග ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ සිව්වන ස්ථානය දිනා ගත් අතර එය ශ්‍රී ලංකාව ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලි ඉතිහාසයේ පදක්කම සටහනක හිමිකර ගත් ඉහළ ස්ථානය මෙය වේ.