ඔස්ට්‍රේලියානුවන්ගේ බිත්තර කෑම ගැන අමුතුම වාර්තාවක්

බිත්තර සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව පණවා ඇති නව නියමයත් සමග මෙරට බිත්තර පරිභෝජනය සම්බන්ධයෙන් තොරතුරු කිහිපයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානුවෙකු විසින් වසරකදී පරිභෝජනයට ගන්නා බිත්තර සංඛ්‍යාවේ සාමාන්‍යය 262 ක් වන අතර ඒවායෙහි දළ බර කිලෝග්‍රෑම් 15 ක් පමණ වනවා.

2021-22 වසරේදී ඔස්ට්‍රේලියාව තුළදී නිෂ්පාදනය කර ඇති බිත්තර සංඛ්‍යාව බිලියන 6.6 ක් ලෙසයි තක්සේරු කර ඇත්තේ.

රටේ බිත්තර නිෂ්පාදනයෙන් වැඩිම ප්‍රතිශතයක් හෙවත් සියයට 35 ක් නිපදවනු ලබන්නේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේදීයි.

ක්වීන්ස්ලන්ඩ් සියයට 30 ක් ලෙසද වික්ටෝරියා සියයට 20 ක් ලෙසද ජාතික බිත්තර නිෂ්පාදනයට දායක වනවා.

දැනට ඔස්ට්‍රේලියාවේ සිටින බිත්තර දමන කිකිළියන් සංඛ්‍යාව මිලියන 21 ක් පමණ වනවා.

2036 වසරේ සිට caged eggs තහනම් කිරීමටයි ෆෙඩරල් රජය පසුගියදා තීරණය කලේ.

පොලි අනුපාත වැඩි වීමේ අවදානමක් ගැන ඉඟියක්

පසුගිය සතියේ ඉදිරිපත් කරනු ලැබූ ෆෙඩරල් අයවැය මගින් පොලි අනුපාත වැඩි වීමේ හැකියාව ඉහළ නංවන බවට ඔස්ට්‍රේලියානුවන් වැඩි පිරිසක් කනස්සල්ලට පත්ව සිටින බව වාර්තා වනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් මියගිය ඉරාන ජනපතිගේ අවසන් කටයුතු අද

හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ වූ ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසිගේ අවසන් කටයුතු අද සිදු කිරීමට නියමිතව තිබෙනවා.

Read More »

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හමාස් නායක යාහියා සින්වාර් සහ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු ඉල්ලා සිටින බව අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් පවසනවා.

Read More »

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »