සංගීත කණ්ඩායමක් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පළමු මුද්දරය මේරියන්ස් ට

සංගීත කණ්ඩායමක් වෙනුවෙන් ශ්‍රී ලංකාවේදී නිකුත් කරනු ලැබු පළමු මුද්දරය මේරියන්ස් සංගීත කණ්ඩායම වෙනුවෙන් නිකුත් කර තිබෙනවා.

ඒ එම සංගීත කණ්ඩායමේ 35 වැනි සංවත්සරය වෙනුවෙන්.

කොළඹ නෙළුම් පොකුණ රගහලේ පැවති 35 වැනි සංවත්සර ප්‍රසංගයේ පළමු දිනයේදීයි, මෙම මුද්දරය සහ මුල් දින කවරය නිකුත් කරනු ලැබුවේ.

මෙය සංගීත කණ්ඩායමක් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ නිකුත් කරනු ලැබූ පළමු මුද්දරය බව ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව තහවුරු කරනු ලැබුවා.

ප්‍රථම කවරය මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක නලීන් පෙරේරා වෙත තැපැල්පතිවරයා අතින් පිරිනැමුණා.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »