විරැකියාව නිසා වසර 13 කදී ඔස්ට්‍රේලියානුවන් 3,000 ක් දිවිහානි කරගනී

විරැකියාව හේතුවෙන් වසරකදී සියදිවි හානිකර ගන්නා ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව 230 කට ආසන්න බවට ගණන් බලා තිබෙනවා.

2004 වසරේ සිට 2016 වසර දක්වා කාලයට අදාළව සිදුකර ඇති සමීක්ෂණ වාර්තාවකිනුයි මෙම තොරතුරු අනාවරණය කරගෙන ඇත්තේ.

මෙම වසර 13 තුළදී විරැකියාව හමුවේ සියදිවි හානිකරගෙන ඇති සංඛ්‍යාව 3,000 කට අධිකයි.

රැකියා අහිමිවූවන් මෙන්ම ඉතා සුලු වැටුපකට රැකියා කරන්නන්ද ඒ අතර වන බව අනාවරණය කරගෙන තිබෙනවා.

මෙවැනි තත්වයක පසුවන කවරෙකු හෝ වෙතොත් වහා මානසික සහන අංශ වෙත දැනුම් දෙන ලෙසයි ඉල්ලීමක් කෙරෙන්නේ.

මෙල්බන් කාන්තාවන්ගේ ආත්මාරක්ෂාවට ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවන්ට ආරක්ෂාව සඳහා ගම්මිරිස් ඉසින රැගෙන යාමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ෆෙඩරල් රජයට ලැබෙන ඇමතුම් වැඩි වී තිබෙනවා.

Read More »

යුද විරුවන් සමරන ANZAC දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් රැසක්

දෙවන ලෝක යුද සමයේදී සහ අනෙකුත් යුද ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් සමරන ඇන්සක් (ANZAC) දිනය අදට යෙදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »