නුවන් සොයිසා, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඉදිරියේ වැරදිකරුවෙකු වෙයි.

නුවන් සොයිසා, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඉදිරියේ වැරදිකරුවෙකු වෙයි.

Nuwan Zoysa pleads guilty before the International Cricket Council.

හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ පුහුණුකරු නුවන් සොයිසා, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන කමිටුව විසින් චෝදනා 03 කට අදාලව වරදකරුවෙකු ලෙස නම් කර තිබේ.

2018 නොවැම්බරයේ අයිසීසී දූෂණ විරෝධී කෝඩින් යටතේ චෝදනා එල්ල වී ඇති අතර, ඔහු විනිශ්චය සභාවක් ඉදිරියේ නඩු විභාගයක් පැවැත්වීමේ අයිතිය ක්‍රියාත්මක කිරීමෙන් පසුව සියලු චෝදනාවලට වැරදිකරු වී තිබෙනවා.

වරදකරු වීමට අදාළ වගන්ති පහත පරිදි වේ.

2.1.1 වන වගන්තිය – තරඟයක ප්‍රතිපලය, ප්‍රගතිය, හැසිරීම හෝ වෙනත් අංශ (ය) නුසුදුසු ලෙස නිවැරදි කිරීමට හෝ සැලසුම් කිරීමට හෝ වෙනත් ආකාරයකින් බලපෑම් කිරීමට එකඟතාවයකට හෝ උත්සාහයකට පක්ෂ වීම.

2.1.4 වගන්තිය – 2.1 වන වගන්තිය උල්ලංගණය කිරීම සඳහා ඕනෑම සහභාගිවන්නෙකුට සෘජුව හෝ වක්‍රව ඉල්ලීම, පොළඹවීම, පොළඹවා ගැනීම, උපදෙස් දීම, ඒත්තු ගැන්වීම, දිරිගැන්වීම හෝ හිතාමතාම පහසුකම් සැපයීම.

2.4.4 වන වගන්තිය – කේතය යටතේ දූෂිත හැසිරීම් වල යෙදීමට ලැබුණු ඕනෑම ප්‍රවේශයක් හෝ ආරාධනා පිළිබඳ සම්පූර්ණ තොරතුරු ACU වෙත අනාවරණය කිරීමට අපොහොසත් වීම.

(Newswire)

ජාත්‍යන්තර අධිකරණයෙන් ඊශ්‍රායලයට නියෝගයක්

සාගත තත්ත්වය වළක්වා ගැනීම සඳහා ගාසා තීරයට බාධාවකින් තොරව ආධාර ලබා දීමට අවස්ථාව සලසන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊශ්‍රායලයට නියෝග කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ගුවන්තොටුපලවල දැඩි කාර්ය බහුල තත්ත්වයක්

ඔස්ට්‍රේලියානුවන් දහස් ගණනක් මෙම දීර්ඝ පාස්කු සති අන්ත නිවාඩුවත් සමග ගුවන් ගමන් සඳහා එක්වීමට අපේක්ෂා කරන බව හෙළිව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සැත්කමකට සූදානමින් ඉන්න අයට පණිවුඩයක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කාර්ය සාධක බලකායක ක්‍රියාමාර්ගවලින් පසු ශල්‍යකර්ම සඳහා වූ පොරොත්තු කාලය අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් ව්‍යාපාරිකයාගේ ලැම්බෝගිනි ඇතුලු මෝටර් රථ 17ක් පොලිසියට

මෙල්බන් නගරයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බවට චෝදනා එල්ල වූ පුද්ගලයෙකුට අයත් ඩොලර් මිලියන 4ක වටිනාකමින් යුත් සුඛෝපභෝගී මෝටර් රථ පොලිස් භාරයට ගෙන තිබෙනවා.

Read More »