
දින 04 ක් පුරා නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිදුකල විශේෂ මෙහෙයුමකදී ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව සිදුවීම්වලට අදාළ 600 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මින් ඇතැමුන් මීට ඉහතදී පවා වැරදි සහිත දරුණු අපරාධකරුවන් ලෙසටයි හඳුනාගෙන ඇත්තේ.
පසුගිය 12 වනදා සිට 15 වනදා දක්වා කාලය තුළයි මෙම විශේෂ වැටලීම් මාලාව සිදු කෙරුණේ.

අනවසර ගිණි අවි – මත්ද්‍රව්‍ය ළග තබාගෙන සිටි පිරිසක්ද මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති බව නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත පොලිසිය සඳහන් කලා.
සැකකරුවන්ට එරෙහිව ගොණු කර ඇති චෝදනා සංඛ්‍යාව 1,107 ක්.
