වික්ටෝරියා පෝකර් ක්‍රීඩා සඳහා නව රෙගුලාසි මාලාවක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පෝකර් ක්‍රීඩා කිරීම් සඳහා නව රෙගුලාසි මාලාවක් පණවා තිබෙනවා.

ඒ අනුව ක්‍රීඩා කරන්නන්ට මෙතෙක් වියදම් කල හැකිව පවතින උපරිම මුදල් සීමාව වන ඩොලර් දහස, ඩොලර් 100 දක්වා අඩු කෙරෙනු ඇති.

ක්‍රවුන් කැසිනෝ හැර අනෙකුත් සෑම ස්ථානයක්ම සූදූ ක්‍රීඩා කරන ප්‍රදේශ අලුයම 04 සිට පෙරවරු 10 දක්වා වසා තැබිය යුතුයි.

වික්ටෝරිය ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් සඳහන් කලේ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තයක් විසින් හඳුන්වා දෙන දැඩිම පෝකර් රෙගුලාසි මාලාව මෙය වනු ඇති බවයි.

වසරකට වික්ටෝරියානුවන් 330,000 ක් පමණ පෝකර් ක්‍රීඩා හරහා ඩොලර් බිලියන 07 ක පමණ මුදලක් අහිමි කරගැනීම සැළකිල්ලට ගෙන මෙම නීති මාලාව පණවන බවද ඔහු සඳහන් කලා.

ලබන වසරේ සිට මෙම නව රෙගුලාසි ක්‍රියාවට නංවන බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් අගමැති ඇන්ඩෲස් ප්‍රකාශ කලේ.

ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු පවුල් ඒකක වලින් 79% ක් දැඩී මුල්‍ය ආතතියට

අධික ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු ගෘහස්ත පවුල් ඒකක වලින් සියයට 79ක් දැඩී මුල්‍යමය ආතතියකට පත්ව ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

උත්සව සමයට සමගාමීව ඔස්ට්‍රේලියානුවන් සයිබර් අපරාධවලට ගොදුරුවීමේ ඉහළයාමක්

උත්සව සමයට සමගාමීව අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ හා සේවා මිලදී ගන්නා සෑම ඔස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙක් සයිබර් අපරාධ වලට ගොදුරුවන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් නව ක්‍රිකට් තේරීම් කමිටුවක්

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුතුව මෙම තේරීම් කමිටුව පත්කරන බවය.

Read More »

Today’s Top Stories – Monday 04th December, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »